පපුවේ කැක්කුම ( Chest Pain)

පපුවේ කැක්කුමට හේතු මොනවාද?

- හෘදයේ ඇතිවන ව්‍යාකූල තත්වයක්
- පෙනහළු වල ඇතිවන රෝගී තත්වයක්
- උරස් බිත්තියේ ඇතිවන ආසාත්මිකතා
- උදරයේ ඉහල කොටසේ අවයව ආශ‍්‍රිතව ඇතිවන රෝගී තත්වයන්
උදා: පිත්තාශයේ ගල්
- ආමාශයේ තුවාල / ඉදිමීම්
- අග්න්‍යාශයේ ඇතිවන අසාත්මිකතා
- ගලනාලය ආශ‍්‍රිතව එන රෝගී තත්වයන්

⋆ පපුවේ කැක්කුමක් ඇතිවූ සැනින් බොහෝ අයගේ සිතට නැගෙන්නේ එය හෘද වස්තුවේ ප‍්‍රශ්ණයක් නිසා (Heart attack) ඇති වූවක් ද යන්නයි. පපුවේ කැක්කුම් බොහොමයක් ජීවිත තර්ජන ගෙන නොදෙන මුත් තවත් විටක ඉක්මන් ප‍්‍රතිකාර නොවුන හොත් ජීවිතයට තර්ජන පවා ඇතිවේ.

මෙහිදී හෘදය ආශ‍්‍රිතව එන ප‍්‍රශ්ණ නිසා ඇතිවන විශේෂිත රෝග ලක්‍ෂණ මොනවාද?

- එකවර ඇතිවන පපුවේ මැද ප‍්‍රදේශයේ තද කරන ස්වභාවය
- උරස් බිත්තිය මත වැඩි පීඩනයක් යෙදී ඇති සේ දැනීම.
- පපුව ඇතුළතින් මිරිකන හෝ යමකින් අනින සේ කැක්කුම ඇතිවීම.
- එසේ පපුවේ මැද ප‍්‍රදේශයේ ඇතිවන කැක්කුම අත්වලට, උරහිස් ප‍්‍රදේශයට, මුඛයේ හනු ප‍්‍රදේශයට හෝ පිට කොන්ද ප‍්‍රදේශයට පැතිරෙන සේ දැනීම.

අදාල කැක්කුම ඇතිවූ ස්ථානය ඇඟිල්ලකින් තද කරන විට කැක්කුම වැඩිවන්නේ නම් එය හෘද වස්තුවේ ප‍්‍රශ්ණයක් නිසා ඇතිවීමේ හැකියාව අවම වේ. බොහෝ විට උරස් බිත්තියේ ඇතිවන ආසාත්මිකතාවයක් විය හැක. එවැනි අවස්ථාවක සාමාන්‍ය කැක්කුම් සඳහා භාවිතා කරන වේදනා නාශක ක‍්‍රීම් වර්ග හෝ වේදනා නාශක ඖෂධ ගැනීමෙන් තත්වය පාලනය වේ.
ඇතිවූ කැක්කුම ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවේ නම් හෝ ස්වසන අපහසුතාවයක් ඇතිවේ නම් හෝ හෘද වස්තුව සම්භන්ද ඉහත දී කී ලක්‍ෂණ මතුවේ නම් හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොපමාව ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු