හිසේ මතුපිට ඇතිවන ගැටිති හෙවත් Ivory Osteoma

Ivory Osteoma යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය අස්ථියක පිටත ස්ථතරය ආශී‍්‍රතව ඇතිවන ගැටිත්තකි

මේවා හිසේ හා මුහුණ ආශ‍්‍රීතව වැඩිපුර දැකිය හැක

පිලිකාමය නොවන ගැටිත්තක්වන මෙය වැඩිපුර කාන්තාවන්ගේ දැකිය හැක

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් මෙමගින් විශේෂිත රෝග ලක්ෂණ ඇති නොකරන අතර ඉතාම කලාතුරකින් මෙමගින් ස්නායු තදවීමක් නිසා සමහර රෝග ලක්ෂණ ඇතිවිය හැක

මේ සදහා විශේෂිත පරීක්ෂණ සිදුකරන්නේද?

එක්ස් රේ පරීක්ෂණයක් මෙන්ම සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් සීටී පරීක්ෂණයක් සිදුකරවනු ඇත

මේ සදහා කරනු ලබන ප‍්‍රථිකාර මොනවාද?

සාමාන්‍යයෙන් මේ සදහා විශේෂිත ප‍්‍රථිකාරයක් අවශ්‍ය නොවනු ඇත

නමුත් මේවා විශාලවන්නේ නම් හෝ අසාමාන්‍ය පිහිටීමක් නිසා රෝගියා ඉවත්කිරීමට ඉල්ලා සිටිනේනම් හෝ

ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීම කල හැක

ලිපිය පළකල දිනය Article uploaded on: 10/03/2016
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු