වැලමිට ආශ‍්‍රිතව ඇතිවන Olecranon Bursitis

Olecranon Bursitis ලෙස හැදින්වෙන්නේ තවර තත්වයක්ද?

වැලමිට හන්දියේ ක‍්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුවීමට එම හන්දිය වටා සියුම් තරලයක් පිරි පැසක්වැනි කොටසක් ඇත
වැලමිට හන්දියේ පසුපස කොටසේ වු මෙම කොටසේ ඉදිමීමක් නිසා Olecranon Bursitis තත්වය ඇතිවේ

මෙලෙස ඉදිමීමට බලපාන හේතු කිහිපයකි
වැලමිට ප‍්‍රදේශයේ ඇතිව ප‍්‍රදාහයක් නිසා
වැලමිට හන්දියේ පසුපස කොටසට සිදුවන අනතුරක් නිසා
විෂබීජ තත්වයක් නිසා

මේ ආශ‍්‍රිතව ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

කැක්කම ඇතිවීම
වැලමිට හන්දියේ ක‍්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම
විෂබීජ තත්වයක් නම් තද කැක්කුම උණ හා කුද්දැටි ඉදිමිම

මේ සදහා කවර ආකාරවලින් ප‍්‍රථිකාර කරනු ලබයිද?

විෂ බීජ තත්වයක් සමග එකවර ඇති වූවක් නම් ශල්‍යකර්මයක් මගින් එහි පිරී ඇති තරලය ඉවත් කිරීම සිදුකරයි

දීර්ඝ කාලීනව ඇති තත්ව වලදී එහි ඇතිවී ඇති ප‍්‍රදාහය අවම කිරීමට ඖෂධ නියම කරයි

එසේම වැලමිට හන්දියේ පසුපස කොටසට නිතර නිතර තුවාල හා තෙරපීම් ඇතිවීම අවම කිරීමට නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගැනීමට උපදෙස් නෙු ඇත
(උදා දීර්ඝ වේලාවක් මේසයට වැලමිට තබාගෙන සිටීමෙන් වැලකීම)

ලිපිය පළකල දිනය Article uploaded on: 31/08/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු