කකුලේ මහපට ඇගිල්ල ඇදවීම

මෙය බහුලව දැකිය හැකි තත්වයක්ද?

මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි . වැඩිපුර කාන්තාවන්ගේ දැකිිය හැක

මෙවැනි තත්ව ඇතිවීමට කවර හේතු බලපායිද?

ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ අඩි උස සපත්තු මෙන්ම ඉදිරි කොටස උල් හැඩයෙන් වූ සපත්තු පැලදීමයි

එහිදී මහපට ඇගිල්ල කකුලේ දෙවෙනි ඇගිල්ල වෙත තල්ලු විම සිදුවේ

ආරෙට යන අවස්ථාද බහුලව දැකිය හැක

දියවැඩියා රෝගීන්ගේ ස්නායු දුර්වල වීම් හේතු කොටගෙන කකුලේ මාංශ පේශී වල සිදුවන දුර්වල වීම් නිසාද මෙවැනි ආකාරයට මහපට ඇගිල්ල ඇදවීම දැකිය හැක

මෙහිදී ඇතිවන ව්‍යාකූලතා මොනවාද?

මහපට ඇගිල්ලේ ඇතුලු දාරයේ සම ඝණ වීම

මහපට ඇගිල්ල සවිවන හන්දියේ ඇතිවන වේදනාව

මහපට ඇගිල්ල අනෙක් ඇගිලි දෙසට නැවීම

සම ඝණ වූ ස්ථානය තුවාල වී විෂබීජ තත්ව ඇතිවීම

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

අඩි උස සපත්තු මෙන්ම ඉදිරි කොටස උල් හැඩයෙන් වූ සපත්තු පලදින්නේ නම් එයින් වැලකීම මගින් කිසිම ප‍්‍රථිකාරයක් නොමැතිව යථා තත්වයට පත්වන අවස්ථා ඇත

මහපට ඇගිල්ලේ සම ඝණ වූ ස්ථානය සපතතුවේ වදින තැන ඝණකමඅඩු පෑඩ් එකක් තැබීම

මේ අකාරයේ ක‍්‍රම මගින් යථා තත්වයට පත් නෙවන්නේ නම් ශල්‍යකර්මයක් මගින් ඝණකම් වූ කොටස ඉවත් කිරීමත් මහපට ඇගිල්ලේ ඇදට පිහිටීම යථා තත්වයට පත්කිරීමත් කලයතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 24/05/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු