හර්නියා ශල්‍යකර්මයකට පසු සැලකිය යුතු කරුණු

හර්නියා ශල්‍යකර්මයකට පසු සැලකිය යුතු කරුණු

සාමාන්‍යයෙන් හර්නියා ශල්‍යකර්මයකට පසු නැවත යථාතත්වයට පත්වීමට සති කිහිපයක් ගතවේ

ශල්‍යකර්මයේදී යොදන ලද කැපුම නිසා එම ස්ථානයේ ඇති මාංශපේෂී දුර්වල වීම සිදුවන අතර එය යථා තත්වයට පත්වීමට කාලයක් අවශ්‍යවේ

මේ හේතුව නිසා ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කිරීමට රෝගියා විසින් පිලිපැදිය යුතු කරුණු කිහිපයක් වේ

හර්නියා ශල්‍යකර්මයකට පසු බොහෝවිට එදිනම හෝ පසුදින රෝහලෙන් පිටත් කිරීම සිදුකරයි

ශල්‍යකර්මයේදී යොදන ලද කැපුම ආශ‍්‍රිතව ඇතිවිය හැකි කැක්කුම සමනය සදහා දෙනු ලැබූ වේදනා නාශක නියමිත මාත‍්‍රාවට නියමිත වේලාවට ගත යුතුය

මීට අමතරව පොලිතින් බෑගයක ඔතන ලද අයිස් ඒමත විනාඩි කිහිපයක් තැබීමෙන් කැක්කුම අඩුකරගත හැක

දින කිහිපයක් යන තුරු අඩුම වශයෙන් දින 3ක් පමණ තුවාලය නොතෙමිය යුතුය

ඉන් පසුව වූවද සතියක් පමණ යන තුරු ඒ මත සම ඇතිල්ලීම නොකල යුතුය

මලබද්ධය ඇතිවීම වැලක්වීම සදහා හොදින් ජලය පානය කිරීමත් තන්තු බහුල ආහාර ගැනීමත් කල යුතුය

නැතහොත් මලබද්ධය නිසා අධික තැටමීමත් සමග උදරයේ ඇතිවන වැඩි පීඩනය නිසා ශල්‍යකර්මයේ දී යොදන ලද කැපුමට යොදන ලද මැහුම් කැඩී යාහැක

කැස්ස ඇතිවී ඇත් නම් ඒ සදහා නොපමාව ප‍්‍රථිකාර ගත යුතුය

සතියකින් පමණ ඇවිදීම, සැහැල්ලු වාහන පැදවීම හා ලිංගික ක‍්‍රියාකාරකම් යන ක‍්‍රියාවල ක‍්‍රමාණු කූලව යෙදිය හැක

සති 6ක් පමණ යන තුරු 5kg වඩා බර එසවීමෙන් වැලකිය යුතුය

තුවාලය ආශ‍්‍රිතව
තද කැක්කුමක් ඇතිවීම
රතුවීම
සැරව ගැලීම
උණ ගැනීම
වෘෂණ කෝෂ ඉදිමීම ආදී ව්‍යාකූලතා වලදී නොපමාව වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 10/05/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු