පුරස්ථ ග‍්‍රන්ථිය ආශ‍්‍රීතව ඇතිවිය හැකි ප‍්‍රදාහයන් (Prostatitis)

Prostatitis ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

පුරස්ථ ග‍්‍රන්ථිය හා ඒ අවට ඇතිවිය හැකි ප‍්‍රදාහයක් මෙලෙස හැදින් වේ

මෙය විෂබීජ තත්ව නිසා මෙන්ම විෂබීජ සම්භන්ධතාවයක් නොමැතිවද ඇතිවිය හැක

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක

දීර්ඝ කාලීනව ඇතිවන පුරස්ථග‍්‍රන්ථිය ආශ‍්‍රිත ප‍්‍රදාහයන්වලදී
ඇතිවන කැක්කුම වෘෂණ කෝෂ ,ගුද මාර්ගය, යටි බඩ ප‍්‍රදේශය හා පහල කොන්ද ප‍්‍රදේශය දක්වා පැතිරී යා හැක

ශුක‍්‍රාණු පිට වීමේදී දැඩි වේදනාවක් ඇතිවීම

මුත‍්‍රාකරන විට දැවිල්ල ඇතිවීම හා නිතර නිතර මුත‍්‍රාකිරීමට අවශ්‍ය වීම

සමහර අවස්ථාවලදී මුත‍්‍රා පාලනය කිරීම පවා අපහසු වීම

විෂබීජ තත්වයක් හේතුකොට ගෙන ඇතිවූ තත්වයක් නම්
උණ ගැනීම, ඔක්කාරය හා වමනයට එ්ම

මුත‍්‍රාකරන විට ඇතිවන අධික දැවිල්ල

මුත‍්‍රා වරින්වර ස්වල්ප වශයෙන් පිට වීම

රාත‍්‍රී කාලයේදීද නිතර නිතර මුත‍්‍රා පිට වීම

මුත‍්‍රා අඩස්සිය ඇතිවීම

මෙම තත්වය ඇතිවීමට හේතු මොනවාද?

මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රිතව ඇතිවිය හැකි තැලීම් හා තුවාල

මුත‍්‍රාමාර්ගය ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම

මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රීතව ඇතිවන විෂබීජ තත්ව

පුරස්ථ ග‍්‍රන්ථිය විශාල වීම

කලාතුරකින් ශරීරයේ නිපදවෙන ප‍්‍රතිදේහ පුරස්ථ ග‍්‍රන්ථියට එරෙහිව ක‍්‍රියාකාරීවීම (Auto immune)

මෙම තත්වය හදුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණ මොනවාද?

ගුදමාර්ගය තුලින් පුරස්ථ ග‍්‍රන්ථිය පරීක්ෂාකිරීමක් වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබයි

එහිදී පුරස්ථ ග‍්‍රන්ථිය තද කිරීමේදී වේදනාවක් ඇතිවීම හා පුරස්ථ ග‍්‍රන්ථිය ආශ‍්‍රිත ගැටිති ඇතිවීම යන ලක්ෂණ පරීක්ෂාකරනු ලබයි

මීට අමතරව මුත‍්‍රා පරීක්ෂණ හා පුරස්ථ ග‍්‍රන්ථිය ආශ‍්‍රිත ස්කෑන් පරීක්ෂණ මෙන්ම මුත‍්‍රා පිටකිරීමේ රටාව ආශ‍්‍රිත පරීක්ෂණ සිදුකරනු ලබයි

මේ සදහා ප‍්‍රථිකාර කරනු ලබන්නේ කෙසේද?

වෛද්‍යවරයා විසින් කරනු ලබන පරීක්ෂණ මගින් නිගමනයකට එලඹීම පලමුව සිදුකරයි

පුරස්ථ ග‍්‍රන්ථියේ ප‍්‍රදාහයේ ස්වභාවය අනුව ප‍්‍රථිකාර නියම කරනු ලබයි

විෂබීජ නාශක ඖෂධ , වේදනා නාශක ඖෂධ, නියම කිරීම මූලිකවම සිදුකරනු ලබයි

මීට අමතරව පුරස්ථ ග‍්‍රන්ථිය ආශ‍්‍රිත මාංශ පේශී ලිහිල් කිරීමට හා පුරස්ථ ග‍්‍රන්ථිය හැකිලීමට ඖෂධ නියම කිරීමද අවශ්‍යතාව අනුව සිදුකරනු ලබයි

මලබද්ධය අවම කිරීමට,බයිසිකල් පැදීම තාවකාලිකව නැවැත්වීමට, කැෆේන් අධික බීම වර්ග අවම කිරීමට හා තුන පහ අධික ආහාර ගැනීම අවම කිරීමට උපදෙස් දෙනු ඇත

කලාතුරකින් අවස්ථාවක ශල්‍යකර්මයක් මගින් පුරස්ථ ග‍්‍රන්ථියේ ආසාදනයට ලක්වූ කොටස ඉවත් කිරීමට වෛද්‍යවරයා යෝජනා කරනු ඇත

ලිපිය පළකල දිනය Article uploaded on: 04/03/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු