දීර්ඝ කාලීනව සිදුවන භාහුවල ඉදිමීම (Lymphoedema)

Lymphoedema තත්වයක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය ප‍්‍රධානවශයෙන් කකුල්වල හෝ අත්වල දීර්ඝකාලීනව සිදුවන ඉදිමීමක් ලෙස හැදින්විය හැක.
මෙම තත්වය ඇතිවීමට හේතුව වන්නේ වසා පද්ධතියේ සිදුවන ව්‍යාකූලතාවයක් නිසා වේ. මෙය සුළු ප‍්‍රමාණයේ ඉදිමීමක සිට ඉතා විශාල ලෙස සිදුවන ඉදිමීමක් දක්වා වූ පරාසයක විය හැක.

මෙහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

එක් පාදයක් හෝ දෙකම ඉදිමීම ( මෙය අත් පා දෙකේම ඇතිවිය හැක.)
කකුල් සිරවී්මක් මෙන්ම තද ගතියක් දැනීම.
කකුල් නැමිය හා දිගහැරිය හැකි පරාසය අඩුවීම.
කකුල්වල ඇතිවන කැක්කුම
නැවත නැවත විෂබීජ තත්වයන් ඇතිවීම
කකුලේ සම ඝණ වීම, ගැටිති ඇතිවීම හා සමේ වර්ණ වෙන්ස් වීම

මෙවැනි තත්ව ඇතිවීමට හේතු මොනවාද?

වසා පද්ධතියට හානිවන කුමන හෝ කාරණයක් නිසා මෙම තත්ව ඇතිවිය හැක
ශල්‍යකර්ම මඟින් වසා ගැටිති හෝ වසා නාල ඉවත් කිරීම
විකිරණ ප‍්‍රථිකාර ( පි්ලිකා සඳහා ලබා දෙන)
පිලිකා තත්ව නිසා වසා පද්ධතිය අවහිර වීම
විෂබීජ තත්ව නිසා වසා පද්ධතිය අවහිර වීම ( උදා - බරවා වැනි)
උත්පත්තියේ සිට ඇතිවන වසා පද්ධතියේ අසාමාන්‍ය වර්ධනය ( මේ හේතුව නිසා ඉතා කුඩා කාලයේ මෙන්ම වයස අවුරුදු 25 - 30 කකුල් ඉදිමීම පටන් ගැනීම විය හැක.)

මෙවැනි තත්වයක් ඇතිවූ විට නැවත යථා තත්වයට පත් කල හැකිද?

සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කල නොහැකි අතර තවදුරටත් වර්ධනය වීම අඩුකර ඒ ආශ‍්‍රිතව පැන නගින විෂබීජ තත්ව වැනි ව්‍යාකූලතා අවම කල හැක

රෝගියා විසින් මෙවැනි තත්වයකදි පිලිපැදිය යුතු කරුණු මොනවාද?

කකුල් පහලට එල්ලා වැටෙන ආකාරයට සිටීමෙන් වැලකිය යුතුය
තුවාල සිදුවීම වැලැක්විය යුතුය
සමෙහි වියලි ගතිය මැඩපැවැත්වීමට වැස්ලින් ආලේප කල හැක
සුළු ප‍්‍රමාණවලින් ( කකුල්වල මාංශ පේශී යම් තරමකට ක‍්‍රියාකාරී වන ලෙස) ව්‍යායාම් වල නිරත වීම. ( එමගින් වසා පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය යම් තරමකට වැඩි කරයි )
කකුල්වලට බැන්ඬේජ් දැමීම. මෙහිදී එය කල යුත්තේ ඒ පිළිබඳව පුහුණුවක් ලද්දෙකු විසිනි.
(මෙහිදි වැඩි පීඩනයක් කකුල් වල ඇගිලි ප‍්‍රදේශයටද, අඩු පීඩනයක් කකුලේ ඉහල ප‍්‍රදේශයේද තිබිය යුතුය. එවිට වසා තරලය ඉහලට ගැලීම පහසු කරයි.)
මසාජ් කිරීම. මෙය සිදුකල යුත්තේද පුහුණු ලැබූ අයෙකු විසින් වේ. කකුල්වල සමේ තුවාල හෝ පිලිකා තත්වයන් ඇත්නම් මසාජ් කිරීම නොකල යුතුය.
වායුපීඩනය මගින් වසා තරලය ඉහලට ගැලීම පහසු කිරීම. :( Pneumatic Compression )
දිගටම සිටගෙන සිටීමට සිදුවන රැුකියා වලින් ඈත්වීම වහා යෝග්‍ය වේ.

මෙවැනි තත්වයන් සඳහා ශල්‍යකර්ම සිදුකරනවාද?

ඉතා කලාතුරකින් ශල්‍යකර්ම කරන අවස්ථා ඇත. ඊට හේතුවන්නේ මෙහිදී ව්‍යාකූලතා ඇතිවීමේ හැකියාව වැඩි බැවිනි.

ලිපිය පළකල දිනය Article uploaded on: 17/12/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු