වකුගඩු වල ඇතිවන පිළිකා

වකුගඩු ආශි‍්‍රතව පිළිකා ඇතිවන්නේ ද ?

වකුගඩු ආශි‍්‍රතවද පිළිකා ඇතිවිය හැක.

වකුගඩුව සෑදී ඇති කුඩා නාල වල මෙම පිළිකා තත්වය ඇතිවිය හැක.

සාමාන්‍යයෙන් වකුගඩු පිළිකා වැඩිපුර දැකිය හැකි වන්නේ වයස අවුරුදු 50 70 අතර වූ පුද්ගලයින්ට වේ.

ඉතා කලාතුරකින් ආරෙට යන රෝගී තත්ව සමග වකුගඩු පිළිකා අඩුවයසින්ද, ඇතිවිය හැක.

වකුගඩු වල පිළිකා ඇතිවීමට හේතු මොනවාද?

මේ සඳහා විශේෂිත හේතුවක් දැක්විය නොහැකි වූවත් පහත දැක්වෙන අවස්ථා සමඟ වැඩිපුර වකුගඩු පිළිකා ඇතිවීමේ අවධානමක් ඇතිබව සොයා ගෙන ඇත.

අධික රුධීර පීඩනය.

උත්පත්තියේ සිට අසාමාන්‍ය හැඩයක් ගත් වකුගඩු පිහිටීම (Horseshoe kidney)

දුම්බීම.

ඩයලයිසිස් (Dialysis) ප‍්‍රතිකාරය.

පවුලේ ලගම ඥාතියෙකුට මෙවැනි වකුගඩු පිළිකා ඇතිවී තිබීම.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මුත‍්‍රා සමඟ රුධීරය පිටවීම. ( මෙහිදී බොහෝ විට කැක්කුමක් ඇති නොවේ )

කොන්දේ කැක්කුම.

බර අඩුවීම.

මඳ උණ ගතිය.

පිරිමි අයගේ විශේෂයෙන් වම් වකුගඩුව ආශ‍්‍රිතව ඇතිවන වකුගඩු පිළිකා තත්ව වලදී වෘෂණ කොෂයේ නහර ගැටගැසීමක් ඇතිවීම.

මේ සඳහා කරනු ලබන පරික්ෂණ මොනවාද?

රුධිර පරික්ෂණය

ස්කෑන් පරික්ෂණය / එක්ස්-රේ පරික්ෂණය

මුත‍්‍රා පරික්ෂණය

මේ සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

අදාල වකුගඩුව ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම මෙහිදී සිදුකරනු ලැබේ.

වකුගඩුවේ ඉතා කුඩා කොටසක ඇතිවී ඇත්නම් වකුගඩුවෙන් කොටසක් පමණක් ඉවත් කිරීමේ හැකියාව ඇත.

බොහෝ විට මේත් සමඟ වකුගඩුව අවට ඇති පටකද, ඉවත් කිරීම සිදු කරයි.

ශල්‍යකර්මයකින් ඉවත් නොකර නිට්ටාවටම සුව කිරීම කළ නොහැකි වේ.

ඉතා විශාල ප‍්‍රමාණයේ පිළිකාමය තත්වයක් නම් ඉන් ඉවත් කල හැකි කොටස හෝ ඉවත් කිරීම පිළිකාව පාලනය කිරීමට ඉවහල් වේ.


විකිරණ ප‍්‍රතිකාර හා කීමෝතෙරපි ප‍්‍රතිකාර මඟින් මෙය පාලනය කිරීමේ හැකියාව අවම වේ.

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කුමන රෝග ලක්ෂණ ඇති වුවහොත් ද?

මුත‍්‍රා සමඟ රුධීර වහනයක් වේ නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු වේ.

වකුගඩු පිළිකා වලක්වා ගත හැක්කේ කෙසේද?

විශේෂිත ක‍්‍රමයක් නොමැති මුත් දුම්බීම නැවැත්වීම මඟින් ඇති අවධානම අඩු කල හැක.

ඉහත සඳහන් කල රෝගයේ මූලික ලකෂණය ගැන අවබෝධයෙන් සිටීම මඟින් මුල් අවස්ථාවේම අදාල පිළිකා තත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් යහපත් ප‍්‍රථිපල ලබා ගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/09/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු