පැපොල (Chickenpox)

පැපොල යනුවෙන් හැදින්වෙන්නේ කවර රෝගී තත්වයක්ද?

මෙය වයිරසයක් නිසා ඇතිවන රෝගී තත්වයකි.

වයිරසයේ නම වෙරිසෙල්ලා සොස්ටර් (Varicella Zoster)ලෙස හැදින්වේ.

මෙහිදී බොහොමයක් රෝගී ලක්ෂණ සම මතුපිට ඇති වේ.

මෙය බෝවන්නේ කෙසේද?

රෝගය වැලදුන කෙනෙකුගේ සමෙහි ඇති බිබිලි පුපුරා ගොස් ඇතිවුනු තරලය තැවරීමෙන් මෙන්ම රෝගියෙකු කිවිසීමේ දී ඇතිවන බිදිති ස්වසන මාර්ගය හරහාද ශරීරගතවී මෙන්ද රෝගය බෝවීම සිදුවිය හැක.

පැපොල තත්වය ඇතිවී දින කීයක් යනතුරු අදාල රෝගියාගෙන් තව කෙනෙකුට රෝගය බෝ වීමේ අවධානම ඇත්ද?

අදාල වෛරසය ශරීර ගතවී සමෙහි බිබිලි ඇතිවීමට දින 10 සිට 20ක් පමණ කාලයක් ගතවිය හැක.

මෙම බබිිලි ඇතිවීමට දින දෙක තුනකට කලින් සිට බිබිලි ඇති වී ඒවා හොදටම වියලී යන තෙක් මෙම රෝගී තත්වය තව කෙනෙකුට බෝවීමේ අවධානම ඇත.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

උණ, හිසේ කැක්කුම හා උදරයේ ඇතිවන වේදනාව ඇතිවන මූලික ලක්ෂණ වන අතර ඉන් පසු සමේ බිබිලි ඇතිවීම දැකිය හැක.

මෙම බිබිලි මුලින්ම දැකිය හැකිවන්නේ පිටේ පපු ප‍්‍රදේශයේ මුහුනේ හා හිසේවේ.

පසුව මුලු ශරීරය පුරාම ව්‍යාප්තවන අතර මුඛයේ ඇස් පිහාටු මෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ද මෙම බිබිලි ඇතිවිය හැක.

මෙම බිබිලි නිසා සමේ කැලැල් ඇතිවේද?

සාමාන්‍යයෙන් මෙහිදී ඇතිවන බිබිලි නිසා සමේ කැලැල් ඇතිනොවේ.

නමුත් කැසීමේදී ඇතිවන තුවාල වීම් මෙන්ම එම බිබිලි ආශ‍්‍රිතව විෂබීජ තත්ව නිසාද එවැනි කැලැල් ඇතිවීිිිමේ අවධානමක් ඇත.

රෝග නිර්ණය සදහා පරීක්ෂණ අවශ්‍ය වේද?

මේ සදහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නොවේ.

රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාට නිගමණයකට එලඹිය හැක.

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

මෙහිදී ඇතිවන බිබිලි නිසා සම කසන ස්වභාවයක් ඇතිවිය හැක.

නමුත් සම අනවශ්‍ය ලෙස කැසීමෙන් වැලකිය යුතු අතර යම් හෙයකින් තුවාල වූවහොත් විෂ බීජ තත්ව ඇතිවිය හැක.

නිය පොතු ඉතා කොටට කැපීම මගින් මෙවැනි තුවාල ඇතිවීම අවමකල හැක.
ඉතා දුහුල් ඇදුම් ඇදීම මගින් සමේ ඇතිවන අපහසුතාව අවම වනු ඇත.

මද උණූවතුර මගින් ශරීරය සේදීම කල හැකි අතර බේබි සබන් වැනි දෙයක් පිරිසිදු කිරීමට භාවිතා කල හැක.

මෙහිදී තදින් ඇතිල්ලීම නොකල යුතුය.

බේබි ක‍්‍රීම් වැනි දෙයක් භාවිතා කිරීමෙන් සමේ අපහසු ස්වභාවය අඩුවනු ඇත.

සමේ තද කැසීමක් ඇතිවන්නේ නම් නියමිත මාත‍්‍රාවට පිරිටන් වැනි ඖෂධයක් භාවිතා කල හැක.

පැපොල වැලදුනු පසු එහි තත්වය පාලනය කිරීමට ඖෂධ තිබෙනවාද?

ඖෂධ ඇත.

නමුත් මේවා වෛද්‍යවරයා විසින් සෑම කෙනෙක් සදහාම නියම නොකරනු ඇත.

එම ඖෂධය නියම කරන අවස්ථා කිහිපයක් ලෙස
ඉතා වයසක පුදගලයින්
ඇදුම රෝගීන්
සමේ රෝග ඇති පුද්ගලයින්
එකම නිවසේ වසන පුද්ගලයින් දැක්විය හැක

සාමාන්‍යයෙන් එම ඖෂධයේ නියම ප‍්‍රථිපල ලැබීමට නම් බිබිලි ඇතිවී පැය 24ක් ඇතුලත එය ලබා ගත යුතුය.

මෙහිදී බිබිලි ඇතිවීම අවමවනු ඇත.

විෂ බීජ තත්ව ඇතිවී ඇත්නම් විෂබීජ නාශක ඖෂධ ලබා දෙන අවස්ථෘ ඇත.

කිසිම විටක වේදනා නාශක ලෙස ඇස්ප‍්‍රීන් වැනි දේවල් නොදිය යුතුය.

පැරසිටමෝල් දිය හැක.

මෙම රෝගී තත්වයෙන් ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

ව්‍යාකූලතා ඇතිවීම බොහොම කලාතුරකින් දැකිය හැක.

නියුමෝනියාව, හෘදය වස්තුව හා ඇතිවන ව්‍යාකූලතා වරින්වර ඇතිවන හන්දි අමාරු ඇවිදීමේදී ශරීරයේ සමතුලිත බව රැුකගැනීමේ අපහසුතා ඇතිවීම මෙවැනි ඉතා කලාතුරකින් ඇතිවිය හැකි තත්වයන් වේ.

ගර්භනී මවකට මෙය වැලදුනහොත් එයින් කලලයට හානිවීමේ අවධානමක් ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 22/09/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු