ඖෂධ සදහා ඇතිවන අසාත්මිකතාව (Drug Allergy)

ඖෂධ සදහා ඇතිවන අසාත්මිකතාවක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

ශරීරයට බාහිර යමක් ඇතුලුවූ විට ප‍්‍රථිශක්ති ක‍්‍රියාවලිය මගින් එක් එක් පුද්ගලයාට විශේෂිත වූ ආකාරයට විවිධ ද‍්‍රව්‍ය සදහා ප‍්‍රථික‍්‍රියා කරනු ලබයි.

ඖෂධද ශරීරයට ඇතුලුවන බාහිර සංඝටක වේ.

ඒවා කෙලින්ම එන්නත් ආකාරයෙන් හෝ ආහාර මාර්ගය හරහා රුධිරයට එකතු වීම සිදුවේ.

සමහර ඖෂධ සදහා සුලු ප‍්‍රථිශතයක් වූ පිරිසකගේ ප‍්‍රථිශක්ති ක‍්‍රියාවලිය මගින් අධික ආකාරයකට ප‍්‍රථික‍්‍රියා කරනු ලැබේ.

මෙවැනි ක‍්‍රියාවලියක් නිසා ශරීරයේ ඇතිවන වෙනස්වීම් අසාත්මිකතාවයක් ලෙස හැදින්වේ

මෙම තත්වය ඇතිවීම උත්පත්තියේ සිටම ජාන ආශ‍්‍රීතව ඇතිවන තත්වයකි.

මෙවැනි තත්වයකදී ශරීරයේ ඇතිවන ලක්ෂණ මොනවාද?

මෙම රෝග ලක්ෂණ ඉතා සුලු ප‍්‍රමාණයේ සිට ජීවිත තර්ජන ගෙනදිය හැකි ආකාරයේ විය හැක.

ශරීරය කැසීම

පලු දැමීම

මුහුණ හා තොල්පටවල් ඉදීම

දිව ඉදීමීම හා උගුරෙහි සෙම ගතිය ඇතිවීම

ස්වසනය කිරීමේ අපහසුතාවය හා ඉන් මරණයට පත්වීම පවා සිදුවිය හැක.

සමහර අවස්ථාවලදී ඖෂධ සදහා ඇතිවන අසාත්මිකතාවක් හිසේ කැක්කුමක් හෝ උදරයේ ඇතිවන වේදනාවක් මෙන්ම මලපහ බුරුලට වතුර මෙන් යන තත්වයක් ලෙස වූවද ඇතිවිය හැක.

වැඩිපුර අසාත්මිකතා ඇතිකරන ඖෂධ වර්ග මොනවාද?

පෙනිසිලීන් වර්ග, සල්ෆර් අඩංගූ ඖෂධ, ඉන්සියුලින් හා අයඩින් අඩංගු ඖෂධ

මීට අමතරව එක් එක් පුද්ගලයා අනුව විවිධ ඖෂධ විවිධාකාර ලෙස අසාත්මිකතා ඇති කල හැක.

මීට අමතරව අදාල ඖෂධය කල් තබා ගැනීමට එක්කර ඇති ද‍්‍රව්‍ය ,පිටත ආවරණය ආදිය සදහා ද බොහෝවිට අසාත්මිකතා ඇති විය හැක.

ඖෂධය නිසා ඇතිවූ අසාත්මිකතාවයක්ද යන්න හදුනා ගැනීම සිදුකරන්නේ කෙසේද?

වෛද්‍යවරයා විසින් ඇතිවී ඇති ලක්ෂණ හා ඒ පිලිබදව කරුණු විමසා බලා නිගමනයකට පැමිනේ.

බොහෝ විට සිදුකරනු ලබන්නේ මීට පෙර නොගත් ඖෂධයක් ඇත්නම් තාවකාලිකව එය නවතා ඇති වී ඇති රෝග ලක්ෂණ පහව යන්නේ දැයි පරීක්ෂා කිරීම වේ.

සමහර අවස්ථා වලදී කලින් දීර්ඝ කාලීනව ගන්නා ලද ඖෂධයකට පවා එකවර අසාත්මිකතා ඇති විය හැක.

එය බොහෝවිට ඖෂධය කල් තබා ගැනීමට යොදාගෙන ඇති ද‍්‍රව්‍ය හෝ කවරය සාදා ඇති ද‍්‍රව්‍ය (බොහෝවිට කරල්වල )නිසා විය හැක.

සමහර අවස්ථාවල (බහුලව අප රටේ නොකෙරුනත්) සැකකරන ඖෂධයෙන් සුලු ප‍්‍රමාණයක් සමට යටින් තැන්පත් කර එම අසාත්මිකතාව ඇති වූයේ කුමන ඖෂධයටද යන්න පරීක්ෂා කරනු ලබන අවස්ථ ඇත.

රෝහලේදී සමහර ඖෂධ දීමට ප‍්‍රථම ( බොහෝවිට පෙනිසිලීන් වැනි වැඩිපුර අසාත්මිකතා ඇතිකල හැකි) මේ ආකාරයට සමේ පරීක්ෂනයක් කරනු ලැබේ.

ඊට ශරීරයේ ඇතිවන ප‍්‍රථික‍්‍රියාව අනුව එම ඖෂධය දීම තීරණය කරනු ලබයි.

මෙසේ අසාත්මිකතා ඇතිවූවිට අදාල රෝගයට අත්‍යාවශ්‍ය ඖෂධ ගැනීම නැවැත්වීමට සිදුවන්නේද?

බොහෝවිට එම ඖෂධය නැවැත්වීමට සිදුවන අතර අදාල රෝගය පාලනය කල හැකි වෙනත් ඖෂධයක් නියම කිරීම සිදුකරනු ලබයි.

ඖෂධයක් සදහා අසාත්මිකතාවයක් ඇතිවු විට කල යුත්තේ කුමක්ද?

වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුවේ.

ඖෂධයක් ගෙන ටික වේලාවකින්

ශරීරය කැසීම, පලු දැමීම , මුහුණ හා තොල්පටවල් ඉදිමීම, ස්වසනයේ අපහසුතාව වමනය යාම, අධික හිසේ කැක්කුම වෛද්‍යවරයෙකු වෙත හැකි ඉක්මනින් යොමු විය යුතු රෝග ලක්ෂණ වේ.

මේ සදහා සිදුකරනු ලබන ප‍්‍රථිකාර මොනවාද?

අදාල ඖෂධය තව දුරටත් ගැනීම නැවැත්වීම.

පිරිටන්, ස්ටිරොඩ වැනි අසාත්මිකතා පාලනය කල හැකි ඖෂධ ලබා දීම.

සමේ පලු ඇතිවී ඇත්නම් එ්මත ආලේප කිරීම සදහා ස්ටීරොයිඩ සහිත ක‍්‍රීම් භාවිතා කිරීම.

ස්වසනයේ අපහසුතා ඇතිවී ඇත්නම් නෙබුයුලයිස් කිරීම ,ඇඩ්ඩ‍්‍රිනලීන් වැනි ඖෂධ එන්නත් කිරීම හා දැඩිසත්කාර එ්කකයකට ඇතුලත් කිරීම.

මෙවැනි අසාත්මිකතා ඇතිවීම වලක්වා ගත හැක්කේ කෙසේද?

යම් කිසි ඖෂධයකට සුලු හෝ අසාත්මිකතාවයක් ඇති වී ඇතිනම් වෛද්‍යවරයා ඖෂධ නියම කිරීමට පෙර දන්වා සිටීම.

හැකි සෑම විටම සමේ පරීක්ෂණය කල හැකි ඖෂධ සදහා ඖෂධය ශරීර ගත කිරීමට ප‍්‍රථම එම පරීක්ෂණ සිදුකිරීම.
(මෙය සෑම ඖෂධයක් සදහාම කල නොහැක)

වරක් අසාත්මිකතාවයක් ඇතිකල ඖෂධයක් නැවත ශරීර ගතවූවහොත් කුමක් සිදුවේද?

එවැනි තත්වයකදී ඇතිවිය හැකි ප‍්‍රථිඵල ඉතා භයානක විය හැක.

ජීවිත තර්ජන පවා ගෙන දිය හැක.

ඇතිවන අසාත්මිකතාවයේ තීවෘරතාවය ඉතා වැඩි ප‍්‍රමාණයකින් සිදුවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 14/08/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු