ගර්භාෂයෙන් පිටත දරුවෙකු පිලිසිද ගැනීම ( Ectopic pregnancy)

ගර්භාෂයෙන් පිටත දරුවකු පිලිසිද ගැනීමක් යනුවෙන් අදහස් කරන්නේ කවර තත්වයක්ද?

සාමාන්‍යයෙන් සංසේචනය වූ ඩිම්භයක් තව දුරටත් වර්ධනය සදහා ගර්භාෂය තුල තැන්පත් වීමක් සිදුවේ.

නමුත් කලාතුරකින් අවස්ථාවලදී එය ගර්භාෂයෙන් පිටත තැන්පත් වී වර්ධනය වීමට පටන් ගනී.

මෙම තත්වය මවගේ ජීවිත අවධානමකට හේතුවන අතර කලලය හරියාකාරව වර්ධනය වීමක් නොවේ.

මෙවැනි තත්වයක් ඇති වීමට හේතු මොනවාද?

සාමාන්‍යයෙන් ඩිම්භයක් සංසේචනය වීම සිදුවන්නේ පැලෝපීය නාලය තුලදීවන අතර එම සංසේචනයෙන් පසු සෑදෙන යුක්තානුව නැවත පැලෝපීය නාලය දිගේ ගර්භාෂය තුලට පැමීණ තැන්පත් වීම සිදුවේ.

යම් හෙයකින් මෙම පැලෝපීය නාලයේ යම් අවහිර තාවයක් ඇත් නම් එම යුක්ථානුව ගර්භාෂය තුලට නොපැමිණ අතරමග තැන්පත් වීම සිදුවේ.

මෙය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ පැලෝපීය නාලය තුල සිදුවන තැන්පත් වීමක් ලෙසවන අතර ගර්භාෂයෙන් පිටත උදර කුහරය තුල මෙන්ම ඩිම්භ කෝෂය තුල තැන්පත් වීම්ද දැකිය හැක.


පැලෝපීය නාලයේ මෙවැනි අවහිරතා ඇති වීමට හේතු ලෙස

ගර්භාෂය ආශ‍්‍රීතව ඇතිවන විෂබීජ තත්ව නිසා පැලෝපීය නාල සිහින් වීම

ගර්භාෂය ආශ‍්‍රීතව කරනු ලබන ශල්‍යකර්ම

ඇපෙන්ඩිසයිටිස් තත්ව ඇතිවී එය පුපුරා යාම නිසා පැලෝපීය නාල ආශ‍්‍රීතව ඇතිවන විෂ බීජ තත්ව

එන්ඩොමෙට‍්‍රීයෝසිස් තත්ව

උත්පත්තියේදීම පැලෝපීය නාලවල ඇති වී ඇති ව්‍යාකූලතා
දැක්විය හැක


මීට අමතරව
කලාතුරකින් පිලිසිද ගැනීම් වැලැක් වීමට ලූපයක් දමා ඇති අවස්ථාවකදී මෙලෙස ඩිම්භයක් සංසේචනය වූවහොත් එය ගර්භාෂයෙන් පිටත තැන්පත් වීමට වැඩි අවධානමක් ඇත.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ක් පමණ වුවාට පසු ඇතිවන ගැබ්ගැනීම් වලදී මෙන්ම දරුපල නොලැබීම හේතුවෙන් ගනු ලබන ප‍්‍රථිකාර නිසාද මෙවැනි තත්ව ඇතිවීම දැකිය හැක.

මෙවැනි තත්වයකදී ඇතිවිය හැකි ලක්ෂණ මොනවාද?

යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම

යටි බඩේ එක් පැත්තක ඇතිවන මිරිකන ස්වභාවයෙන් යුක්ත කැක්කුම

කොන්දේ කැක්කුම

සැලකිය යුතු රුධීරවහනයක් ඇතිවීමකදී

රුධිර පීඩනය අඩුවීම

කලාන්ත ගතිය

දැරිය නොහැකි තරමේ උදරයේ ඇතිවන වේදනාව

උරපතුවලට පවා කැක්කුම පැතිරීම

ගුද මාර්ගය ප‍්‍රදේශයේ ඇතිවන තෙරපීමක් වැනි ස්වභාවය

මෙවැනි තත්වයකදී වහාම රෝගියා රෝහල වෙත රුගෙන යා යුතු අතර මෙය ජීවිත අවධානමකට හේතුවේ.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

ගැබ් ගෙන ඇත්දැයි සනාථකර ගැනීමට කරනු ලබන පරීක්ෂණ

ස්කෑන් පරීක්ෂණ

මේ සදහා කරනු ලබන ප‍්‍රථිකාර මොනවාද?

මෙවැනි තත්වයක් දැනගත් වහාම ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කිරීම කල යුතුය.

නැතහොත් මවට ජීවිත තර්ජන ගෙන දෙනු ඇත

අධික රුධිර වහනය වී ඇති අවස්ථා වලදී රුධිර පාරවිලනය කරනු ඇත

මෙවැනි තත්ව ඇතිවීම අවම කිරීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

සමාජ රෝග වැනි තත්ව මෙන්ම ගර්භාෂය ආශ‍්‍රිතව ඇති වන විෂබීජ තත්ව වලට නොපමාව ප‍්‍රථිකාර ගැනීම

මේ ආකාරයට ගර්භාෂයෙන් පිටත දරුවකු පිලිසිද ගැනීමකට පසු නැවත දරුපල ලැබිය හැකිද?

මෙවැනි තත්ව වලට මුහුණ දුන් මව් වරුන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙකුට දරුපල ලැබීමේ සම්භාවිතාවයක් ඇති අතර එහිදීද ගර්භාෂයෙන් පිටත ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.


Article uploaded on 14/03/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 14/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු