හෘදය වස්තුවේ ව්‍යාකූලතා සදහා ගන්න ඇස්ප‍්‍රීන් ගැන දැනගත යුතු දේ (About Aspirin)

ඇස්ප‍්‍රීන් ඖෂධය මගින් සිදුවන්නේ කුමක්ද?

මෙමගින් රුධිරය කැටි ගැසීමේ ප‍්‍රවනතාවය අඩුකරයි.

බොහොමයක් හෘදය වස්තුව හා මොලය ආශ‍්‍රීත ව්‍යාකූලතා පැනනගින්නේ රුධිර කැට ඇති වී ඒවා රුධීරවාහිනීවල මාර්ගය අවහිර කිරීම නිසාවේ.

මෙම ඖෂධය මගින් එවැනි රුධිර කැට ඇතිවීමේ අවධානම අඩු කරයි.

ඇස්ප‍්‍රීන් ගැනීම නිසා ඇතිවිය හැකි ව්‍යෘකූලතා මොනවාද?

ගැස්ට‍්‍රයිටිස් තත්වයන් හා ආමාශයේ තුවාල ඇති වීමේ ප‍්‍රවනතාවය.

ඔක්කාරය ඇතිවීම.

අසාත්මිකතා තත්ව ඇතිවීම.

ඉබේම රුධිර වහනය වීමේ හැකියාව හා කලාතුරකින් තුවාල වූ විට සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා අධික රුධිර වහනයක් වීමේ ඇති හැකියාව.

ඇස්ප‍්‍රීන් ඖෂධය ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද?

සෑම විටම ආහාර ගැනීමට පසු වතුර සමග පෙත්ත ගැනීම කල යුතුය.

දත් ගැලවීම හා අනෙකුත් සියලු ශල්‍යකර්ම සිදු කිරීමට ප‍්‍රථම තමුන් ඇස්ඵ‍්‍රීන් ඖෂධය ගන්නා බව වෛද්‍යවරයාට දැන්විය යුතුය

ඇස්ප‍්‍රීන් ගැනීම නැවැත්වීමට ප‍්‍රථම අදාල වෛද්‍යවරයාගේ උපදෙස් පැතිය යුතුවේ

නියමිත වේලාවට ගැනීමට නොහැකි වූවහොත් එය මතක් වූ සැනින් පෙත්ත ගැනීම කල යුතු අතර ඊලග පෙත්ත ගැනීමට කාලය පැමිණ ඇත්නම් පෙති මාත‍්‍රෘ දෙකක ප‍්‍රමාණය එකවර නොගත යුතුය.

ඇස්ප‍්‍රීන් ඖෂධය ගබඩා කිරීමේදී සුලං නොවදින වියලි ස්ථානයක තැබිය යුතුය.

ඇස්ප‍්‍රීන් ඖෂධ්‍ය දීර්ඝකාලීනව ගන්නා රෝගියෙකු නොපමාව වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථා වලදීද?

මලපහ තාර පැහැයට පිටවේනම්.

නාසයෙන් ලේ ගැලීමක් සිදුවේනම්.

මුත‍්‍රා සමග රුධිරය පිටවේ නම්.

කුඩා ප‍්‍රමාණයේ තුවාලයකින් පවා අධික රුධිර වහනයක් සිදුවේ නම්.

මාස් ශුද්ධිය සිදුවීමේදී වෙනදාට වඩා රුධිර වහනයක් සිදුවේ නම්.

වමනය හා එ කදිගට උදරයේ දැවිල්ල ඇතිවේනම්.


Article uploaded on 04/03/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 04/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු