කකුලේ විලුඹ ප‍්‍රදේශයේ ඇතිවන කැක්කුම (Plantar Fascitis)

මෙසේ කකුලේ විලුඹ ප‍්‍රදේශයේ කැක්කුම ඇති වීමට හේතු මොනවාද?

විලුඹ සෑදීමට උපකාරී වන අස්ථිමය කොටස හා සම්භන්දවී තන්තුමය පටක ඇත.

(
උදා : කකුලේ බත්කෙන්ඩිය සෑදී ඇති මංශ පේෂිය තනතුමය පටකයකින්ද, කකුලේ යටි පතුලේ හැඩය හා නැම්ම පවත්වා ගැනීමට ඇති තන්තුමය පටකයක්ද මේ ආකාරයට සම්භන්ද වේ.)

මෙසේ ඇති අස්ථිමය කොටසේ හෝ තනතුමය කොටස් වලඇතිවන ව්‍යාකූලතා හේතු කොටගෙන මෙවැනි කැක්කුම් ඇතිවිය හැක.
මේ අතරින් කකුලේ යටි පතුලේ ඇති තන්තුමය පටකය විලුඹ අස්ථියට සම්භන්ද වන තැන ඇති වන තැලීම් හා ඉදිමීම් හේතුකොට ගෙන ඇතිවන කැක්කුම් ප‍්‍රධාන වේ.

එය ප්ලාන්ටා ෆැසියයිටිස් (Plantar Fascitis) යනුවෙන් හැදින්වේ.

මෙසේ යටි පතුලේ ඇති තන්තුමය පටකය තැලී ඉදිමීමට හේතු මොනවාද?

දීර්ඝ වේලාවක් සිටගෙන සිටීම.

ගල් ,ගොඩැලි සහිත බිමක ඇවිදීම.

කකුලේ යටි පතුලෙහි ඇති නැම්මට නොගැලපෙන නැම්මක් ඇති පාවහන් පැලදීම.

කෙටිකාලයකදී ශරීරයේ බර වැඩිවීම.

මේ අතරින් ප‍්‍රධාන වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

කකුලේ විලුඹ ප‍්‍රදේශයේ ඇවිදින විට ඇතිවන දැඩි වේදනාව.

මෙය උදේ නැගිට පලමු අඩිය තබන විට දැඩිව දැනෙන අතර ටික දුරක් ඇවිද්ද විට කැක්කුම යම් දුරකට සමනය වේ.

ටික වේලාවක් ඉදගෙන සිට නැගිට්ට විටද එම තත්වය ඇතිවේ.

ඉතාම කලාතුරකින් කකුලේ විලුඹ ප‍්‍රදේශය ඉදිමීමත් රතුවීමකුත් දැකිය හැක.

මේ සදහා පරීක්ෂණ සිදුකරන්නේද?

වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවකින් බොහෝදුරට රෝග නිගමනයකට එලබේ. කලාතුරකින් විලුඹ ප‍්‍රදේශයේ එක්ස් රේ පරීක්ෂණයක් කරනු ලැබේ.

මේ සදහා නිවසේදී කල හැකි ප‍්‍රථිකාර කවරේද?

සතියක් පමණ වැඩිය ඇවිදින්නේ නැතිව විවේකීව සිටීම.

දිනකට දෙවරක් පමණ අයිස් කැබැල්ලක් රෙදි කැබැල්ලක ඔතා හොදින් විලුඹ ප‍්‍රදේශය තැවීම.

කකුලේ යටි පතුල ඇදෙන ආකාරයට වෛද්‍යවරයා කියා දෙන ආකාරයට ව්‍යායාම සිදුකිරීම.

කකුලේ යටි පතුලේ නැමීම් වලට සරිලන පාවහන් පැලදීම

වෛද්‍යවරයකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඉහත කී ක‍්‍රම මගින් යම් සහනයක් නොලැබේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම යෝග්‍ය වේ.

වෛද්‍යවරයා විසින් කැක්කුම අඩු වීමට ඖෂධ දෙනු ලැබේ.

ඉන් සහනයක් අත් නොවන්නේ නම් ස්ටීරොයිඩ සහිත එන්නතක් විලුඹ ප‍්‍රදේශයට දෙනු ලැබේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු