ඉකිලිය කැසීම (Fungle Infection)

ඉකිලිය කැසීම සාමාන්‍යයෙන් වැඩිපුර දැකිය හැකි තත්වයක්ද?

මෙය සාමාන්‍යයෙන් වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින්ගේ වැඩිපුර දැකිය හැකි තත්වයකි.
තද පෑවිල්ල ඇති කාලයේදී බහුලව ඇති වේ.

මෙය ඇතිවීමට හේතු මොනවාද?

මෙය දිලීරයක් නිසා ඇතිවන රෝගී තත්වයකි.
තදට අදින යට ඇදුම් නිසා ඉකිලිය කැපීම.
ඉකිලිය ප‍්‍රදේශයට වැඩිපුර දහඩිය දැමීම හා ඒවා වැඩි වේලාවක් රැදී තිබීම. (විශේෂයෙන් දහඩිය උරා නොගන්නා යට ඇදුම් භාවිතා කිරීම නිසා).
මෙම රෝගී තත්වය ඇති අයෙකුගෙන් කෙලින්ම ස්පර්ෂ වීම හෝ ඔහු භාවිතාකරන ඇදුම් ඇදීමෙන්.
යුරෝපීය ක‍්‍රමයට කොමඩ් එකක් සහිත පොදු වැසිකිලි භාවිතයෙන් ( මෙම දිලීර රෝගී තත්වය ඇති අයෙකු කොමඩ් එකෙහි වාඩි වීමෙන් එම දිලීරය කොමඩ් එක මත තැවරී තව කෙනෙකුට බෝ විය හැක)

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මුලදී ඉකිලිය ප‍්‍රදේශය කැසීම හා පසුව එය කලවා ප‍්‍රදේශයට හා ගුදය ආහ‍්‍රිත ප‍්‍රදේශ දක්වා පැතිරීම.
සම රතුවීම,පතුරු ගැලවීම,බිබිලි ඇති වීම හා කැසීමේදි ඒවා බිදී යාමෙන් දියර වැනි යමක් ගැලීම.
කැසීම සහිත ප‍්‍රදේශය රතු වී ඉහලට එසවුනු ගැටිත්තකින් වට වී තිබීම.
ක‍්‍රමයෙන් ඉකිලිය ප‍්‍රදේශය කලු වීම.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් මේ සදහා පරීක්ෂණ සිදු නොකෙරේ. කැසීම සහිත සමෙහි ස්වභාවය අනුව වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිනේ.

මේ සදහා ඇති ප‍්‍රථිකාර කවරේද?

ඉකිලිය අවට තෙතමනය අවම කර විශේෂයෙන් වියලි තත්වයක තබා ගැනීම.
ඉකිලිය අවට කැසීම ඇතිකරන යට ඇදුම් භාවිතා නොකිරීම.
වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව දිලීර නාශක ක‍්‍රීම් වර්ගයක් දිනපතා සති 2 ක් පමණ ආලේප කිරීම.
(උදා: Mecanazole)
කැසීම නිසා ඉකිලිය අවට තුවාල සිදු වී ඇත්නම් වෛද්‍යවරයා විසින් විෂ බීජනාශක ඖෂධද නියම කරනු ඇත.

මෙම තත්වය නැවත ඇතිවීම වලක්වා ගන් නේ කෙසේද?

වෛද්‍යවරයා නියමකල පරිදි නියමිත කාලයක් (බොහෝවිට සති දෙකක් පමණ) අදාල දිලීර නාශක ක‍්‍රීම් වර්ගය පාවිච්චි කිරීම.
යට ඇදුම් සියල්ල හොදින් සේදීම හැකි නම් එවා වතුරෙන් තම්බා සේදීම.
වෙනත් අය සමග පොදුවේ ඇදුම් භාවිතා නොකිරීම.
ඉකිලිය අවට පිරිසිදුවට හා වියලි තත්වයෙන් තබා ගැනීම.
තද යට ඇදුම් භාවිතා නොකිරීම.
දහඩිය උරා ගත හැකි රෙදිවලින් පිලියෙල කල යට ඇදුම් භාවිතය (උදා කපු රෙදි)
යට ඇදුම් නිතර සේදීම.
නැවත ඉකිලිය කැසීම පටන් ගැනීමක් ඇති වූ වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ඇතිව දිලීර නාශක ක‍්‍රීම් වර්ගයක් භාවිතා කිරීම.


මේ සදහා නොපමාව ප‍්‍රථිකාර නොගතහොත් කුමක් සිදුවේද?

ඉකිලිය අවට සම කලුවීම.
ඇතිවන බිබිලි පුපුරා ඒ මත විෂ බීජ තත්වයක් ඇතිවීම.
ඉකිලිය ප‍්‍රදේශයේ කුද්දැටි විශාල වීම.
ඉකිලිය ප‍්‍රදේශයෙන් ඔබ්බට පැතිරීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 14/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු