සිරෝසිස් (Cirrhosis)

සිරෝසිස් යනුවෙන් අදහස් කරන්නේ කවර තත්වයක්ද?

අක්මාවට හානි සිදුවීමේ අවසන් ප‍්‍රථිපලයක් ලෙස සිරෝසිස් තතත්වයක් ඇතිවේ. මෙහිදී අක්මාව විශාල වීම මෙන්ම කුඩාවීමක්ද විය හැක. එහි වු පටක විනාශ වී ඉතා කුඩා ප‍්‍රමාණයේ හෝ විශාල ප‍්‍රමාණයේ ගෙඩි ඇතිවීම සිදුවේ. අක්මාවේ ක‍්‍රියාකාරී පටක විනාශ වීම නිසා අක්මාව මගින් කරනු ලබන කාර්යයන් අඩාලවේ.

අක්මාව මගින් ශරීරයේ ඉටුකරනු ලබන කාර්යයන් මොනවාද?

1. ශරීරයේ පරිවෘත ක‍්‍රියාවලියේදී නිපදවෙන ශරීරයට විෂ සහිත දේවල් ශරීරයෙන් ඉවත් කිරීම

2.
ශරීරයට අවශ්‍ය සමහර ප්‍රෝටීන වර්ග නිපදවීම

3. තුවාල වලින් රුධිරය ගැලීමකද රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වන ප්‍රෝටීන නිපදවීම

4 ආහාර වර්ග ශරීරයට අවශ්‍ය විටකදී ප‍්‍රයොජනයට ගතහකි ලෙස ගබඩාකර තැබීම (උදා ග්ලයිකොජන්, විටමින් වර්ග)

5 ශරීරයේ ප‍්‍රතිශක්ති ක‍්‍රියාවලියට උපකාරීවීම

සිරෝසිස් ඇතිවීමට හේතු මොනවාද?

ප‍්‍රධානතම හේතුව වන්නේ අධික ලෙස මත්පැන් භාවිතයයි
සමහර විෂ බීජ තත්ව (උදා හෙපටයිටිස් B,C)
මීට අමතරව
ශරීරයේ පටකවලට එරෙහිව ප‍්‍රථිදේහ නිපද වීමේ රෝගී තත්ව නිසා (උදා Auto-immune diseases)
පිත් නාල අවහිරවීම් නිසා ( එහි ඇති වන ගල් හෝ ගෙඩියක් නිසා)
ආරෙට යාමක් ලෙස
සමහර ඖෂධ වර්ග හේතුවෙන් (බටහිර වෛද්‍ය ක‍්‍රමයේ භාවිතාකරන සමහර ඖෂධ මෙන්ම දෙශීය වෛද්‍ය ක‍්‍රමයේදී භාවිතා කරන අරිෂ්ඨ වර්ග සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව දීර්ඝ කාලයක් භාවිතා කිරීම)
අක්මාවේ අදික ලෙස මේදය තැන්පත් වීමේ රෝගී තත්ව

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

අක්මාවේ විශාල ප‍්‍රමාණයක් විනාශ වන තුරු රෝග ලක්ෂණ ඇති නොවීම මෙහි ඇති විශේෂිත ලක්ෂණයයි.

මූලික ලක්ෂණ ලෙස
ඇගට පණ නැති ගතිය
ආහාර අරුචිය හා වමනයට ඒම
ශරීරයේ බර අඩු වීම
කෙට්ටුවීම හා උදරය ක‍්‍රමක් ක‍්‍රමයෙන් විශාල වීම හා කැක්කුම ඇති වීම
පිරිමින්ගේ පියයුරු ක‍්‍රමයෙන් විශාල වීම හා වෘෂණ ක‍්‍රමයෙන් කුඩාවීම

මෙහිදී උච්චතමඅවස්ථාවලදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස

උදරයේ වතුර එකතු වී ඉතා විශාල වී ස්වසනය කිරීම පවා අපහසු වීම
කකුල් ඉදිමීම හා කකුල්වල සුලු තුවාල තත්වයකදී පවා දරුනු ලෙස විෂබීජ තත්ව ඇතිවීමේ හැකියාව
ඇස් කහ වීම මුත‍්‍රා තද තේ පැහැයක් ගැනීම ඇග කැසීමට පටන් ගැනීම
සිහිය විකල් වීමට පටන් ගැනීම
ලේ වමනය යාම
වැසිකිලි යන විට රුධිර වහනය ( එය රතු පැහැයට හෝ තාර කලු පැහැයට විය හැක)

මෙම තත්වයකදී බොහොවිට කරනු ලබන පරීක්ෂණ මොනවාද?

රුධිර පරීක්ෂණ
මූත‍්‍රා පරීක්ෂණ
ස්කෑන් පරීක්ෂණ
එන්ඩොස් කොපි පරීක්ෂණ
කලාතුරකින් අක්මාවෙන් ෙසෙල කොටසක් ලබාගෙන කරනු ලබන පරීක්ෂණ

මේ සදහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

වෛද්‍යවරයා විසින්
ශරීරයේ විශේෂයෙන් උදරයේ එකතුවන වතුර මූත‍්‍රා සමග ඉවත්වීමට ඖෂධ දෙනු ලැබේ.
මීට අමතරව රුධිරය කැටි ගැසීමට අවශ්‍යවන ප්‍රෝටීන නිපදවීමට විටමින් k හා අනෙකුත් විටමින් වර්ගද, විෂබීජ තත්ව පාලනය කිරීම සදහා ප‍්‍රතිජීවක ඖෂධද ලබා දීම සිදුකරයි.
අනෙකුත් ප‍්‍රතිකාර රෝගියාගේ පවතින අනෙකුත් රෝග තත්ව මත රදා පවතී.

උදරයේ එකතුවන වතුර ප‍්‍රමාණය අසීමිත ලෙස ඉහල යන්නේ නම් කටුවක් ආධාරයෙන් එය ඉවත් කිරීමට සිදුවන අවස්ථා ඇත.
අක්මාවක් බද්ධ කිරීම ( මෙය එතරම් භාවිතා වන ක‍්‍රමයක් නොවේ)

සිරෝසිස් ඇති රෝගියෙකු ජීවන රටාවේ ඇතිකරගත යුතු වෙනස්කම් මොනවාද?

මධ්‍යසාර භාවිතයෙන් ඈත් වීම
ලුනු සහිත ආහාර අවම කිරීම
හෙපටයිටිස් B වලට දෙනු ලබන එන්නත් ලබාගෙන නැත්නම එය එන්නත් කරවා ගැනීම
ඖෂධ භාවිතයේදී සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
අනවශ්‍ය ආකාරයට අධික ලෙස ප්‍රෝටීන ආහාර ගැනීමෙන් වැලකීම. සෑම විටම සමබල ආහාර වේලක් ගැනීමට උත්සාහ කිරීම.
නොවරදවා සායනවලට සහභාගී වීම හා නියම කරනු ලබන ඖෂධ භාවිතය.
මලබද්ධය ඇතිවීම වැලැක්වීමට පියවර ගැනීම (ඊට හේතු වන්නේ මලබද්ධය ඇතිවිට සිරෝසිස් අශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා ඇතිවීමේ හැකියාව වැඩි බැවිනි)

සිරෝසිස් තත්ව ඇතිවීම වලක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද?

මධ්‍යසාර භාවිතයෙන් ඈත්වීම
හෙපටයිටිස් රෝගය ඇති වීමේ සම්භාවිතාව අඩු කිරීමට එන්නක් ලබා ගැනීම

සිරොසිස් ඇති රෝගියෙකු නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කවර අවස්ථා වලදීද?

උණ ගැනීම
උදරය විශාල වීම නිසා ස්වසනයේ අපහසු බවක් ඇතිවීම
ලේ වමනය යාම හෝ මලපහ සමග රුධිරය පිටවීම
කකුල් ඉදිමීම ක‍්‍රමයෙන් වැඩිවීම හා රතුවීම
උදරයේ කැක්කුම ඇති වීම
සිහිය විකල් වීම



ලිපිය පළකල දිනය Article uploaded on: 09/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු