මුඛයෙන් ගද ගැසීම (Bad breath)

මුඛයෙන් ගද වහනයවීමට හේතු කවරේද?

- ආහාර කැබැලි දත් අතර සිරවී තිබීම මෙන්ම ඇලෙන සුළු ආහාර දත්වල හා දත්මුල් වල තැවරී දීර්ඝ වේලාවක් තිබීම. මෙසේ ආහාර නරක් වීම හා ඒමත මුඛයේ ඇති ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය යන කාරනා හේතු කොටගෙන ප‍්‍රධාන වශයෙන් ගද වහනය වීම සිදුවේ.

-
මේ ආකාරයෙන් නරක් වූ ආහාර හා ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය නිසා දත්මුල් දියවීමත් මේ සඳහා ප‍්‍රධාන සාධකයක් වේ.

-
ආහාරයට ගන්නා දේවල්ද මුඛයෙන් ගදවහනය වීමට හේතුකාරකවේ.
උදාඃ සුදුළූණු
චීස්
සමහර රසකාරක
සෝඩා
දොඩම්
ආහාර මාර්ගයෙන් රුධිරයට එකතුවන මේවායේ සංඝටක පෙනහළු හරහා ප‍්‍රශ්වාස කිරීමේදී වාතයට එකතුවේ. එබැවින් ඒවා ශරීරයෙන් ඉවත්වන තෙක්ම ගද වහනය වීමක් සිදුවේ.

-
සෙම අමාරුව, පෙනහළු ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන් වකුගඩු හා අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් මෙන්ම දියවැඩියා තත්වයන් වලදීද මුඛයෙන් ගද වහනය වීම සිදුවිය හැක.

මෙය වලක්වා ගන්නේ කෙසේද?

- දවසට දෙවරක් දත් මැදීම. (මෙහිදී දත් මතුපිට, දත් අතර, දත්මුල් හා දිව මතුපිට යන සියළුම ස්ථාන මැදීම කලයුතුවේ.)
- පළතුරු, එළවළු වැඩිපුර ආහාරයට ගැනීම. මස් වර්ග අනුභවය අවම කිරීම.
-
බුලත් විට කෑමෙන් වැලකීම.
- මුඛය වියළි ගතිය මඟින් ගද වහනය වැඩිකරයි. එබැවින් නිතර වතුර බීම සීනි රහිත චුයින්ගම් හා මින්ට් වර්ග මඟින් එම තත්වය වලක්වාගත හැක.
-
මුඛය සේදීම සඳහා ඇති නොයෙකුත් දේවල් මඟින් මුඛයෙන් ගදවහනය වැලක්වීමට එතරම් ප‍්‍රථිඵලයක් නොලැබුනත් තත්පර 30ක් පමණ එය මුඛයේ තබාගෙන හොඳින් මුඛය සේදීමෙන් යම් ප‍්‍රථිඵලයක් ලබාගත හැකිවේ.
-
කෘතිම දත්කුට්ටමක් දමා ඇත්නම් එය රාත‍්‍රී කාලයේදී ගලවා විෂබීජ නාශක ද්‍රව්‍යක දමා තිබීම.

ඉහත ක‍්‍රම මඟින්ද මුඛයෙන් ගදවහනය වීම පාලනය කල නොහැකි වේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම යෝග්‍ය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු