අධික රුධිර පීඩනය (Hypertension)

රුධිර පීඩනය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

රුධිරයේ රුධිර වාහිනී තුල ගමන් කිරීමට එක් දෙසකින් තල්ලූවක් තිබිය යුතුය. මෙම තල්ලූව රුධිර පීඩනය ලෙස හැඳින්වේ. මෙම පීඩනය හෘදය වස්තුවේ සංකෝචන ක‍්‍රියාවලිය නිසා ඇති වේ. මීට අමතරව රුධිරයේ පීඩනය සඳහා සුළු වශයෙන් බලපාන නොයෙකුත් සාධක ඇත.
උදා: රුධිරයේ ඝණත්වය
රුධිර වාහිනී බිත්තියේ ඇති ඝනකම
රුධිර පරිමාව

රුධිර පීඩනය සටහන් කිරීමේදී එහි අගයන් දෙකක් යෙදීමට හේතුව කුමක්ද?

රුධිරය එක් දිශාවකට ගමන් කිරීමට නම් සෑම විටම එක් දිශාවකට පීඩනයක් තිබිය යුතු අතර හෘදය සංකෝචනය හා ලිහිල් වීම හේතුකොටගෙන පීඩනය ඉහල පහල යාම සිදුවේ. එහිදී ඇතිවන ඉහළම අගයත් පහළම අගයත් රුධිර පීඩනය සටහන් කිරීමේදි භාවිතා කෙරේ. උදාඃ 120/80 mmHg

අධික රුධිර පීඩනය නිසා ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වැඩි අගයක් ගන්නා අවස්ථාවලදී රෝග ලක්‍ෂණ ඇතිවන මුත් බොහෝවිට අනෙකුත් අවස්ථාවලදී සැලකිය මට්ටමේ රෝග ලක්‍ෂණ ඇති නොවේ.
ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ
-
හිසේ කැක්කුම
-
වමනය හා ඔක්කාරය
- පෙනීම බොදවී යාම
- නහයෙන් රුධිරය වහනය වීම.

දීර්ඝ කාලීනව පවතින අධික රුධිර පීඩන තත්වයක් නිසා ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

- වකුගඩු නරක් වීම.
- ඇස් නරක් වීම.
-
රුධිරවාහිනී පුපුරා යාම නිසා අංශභාග තත්ව හා හෘදයේ ඇතිවන බලපෑම

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු