ඇසට සිදුවන තුවාල/හදිසි අනතුරු (Eye injuries)

ඇසට සිදුවූ හදිසි අනතුරකට පසු ලේ ගැලීමක් පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය. එසේ නොවන අවස්ථාවලදී,

යම් අනතුරකට පසු ඇසේ දැවිල්ල ගතියක් හෝ කසන ස්වභාවයක් ඇති අවස්ථාවලදී,
- ඇස් පරීක්‍ෂා කිරීමට පෙර හොඳින් සබන් දා අත් සෝදා ගන්න.
- ඇස් ඇල්ලීම, තද කිරීම හෝ පොඩි කිරීම නොකල යුතුය.
- ඇසේ යම් කිසි දෙයක් (රොඩු කැබැල්ලක් වැනි) ඇත්නම් එය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. එසේ නොවුනහොත් ඇසේ සීරීම් ඇතිවිය හැක.
- ආබාධයට ලක්වූ ඇස යටට තිබෙන සේ හිස හරවන්න. ඉන්පසු පහල පිහාටුව පහළට ඇද පිරිසිදු වතුර ඇසට ගලායාමට සලස්වන්න. මෙසේ විනාඩි 5-10 දක්වා කිරීමෙන් බොහෝ විට එය ඉවත් වේ. ඉන්පසු විනාඩි 5-10කින් පසු නැවත පරීක්‍ෂාකර බලන්න.
- එසේ ඉවත් කිරීමෙන් පසුත් රොඩු කැබැල්ලක් නැතත් ඇසේ කෙවීමක් තිබේනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

ඇස අතුළත වීදුරු යකඩ වැනි ඝණකම් දෙයක් රැදී ඇතිවිට

ඉතාම ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුතු අවස්ථාවකි. වෛද්‍යවරයා වෙත යොමුවන තෙක් අදාල ඇස කුඩා කප් එකකින් ආවරණය කර ප්ලාස්ටරයක් ගසන්න. එවිට ඇස පොඩිකිරීම වලකින අතර එමඟින් තවදුරටත් විය හැකි හානිය අවම කරයි.

ඇසට යම් කිසි රසායනික ද්‍රව්‍යක් ඇතුළුවූ විට

- ඉතාම ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය. එම රසායනිකය ඇසට ඇතුළු වූ වහාම පිරිසිදු ජලයෙන් විනාඩි 15-20ක් පමණ ඇස් හොඳින් සෝදා හරින්න.
- අදාල රසායනික ද්‍රව්‍යය වෛද්‍යවරයා වෙත යන විට රැගෙන යන්නේ නම් වෛද්‍යවරයාට ප‍්‍රථිකාර කිරීමට පහසුවක් වනු ඇත.

හදිසි අනතුරකට පසු ඇස වටේ කළු වීම / පහරක් නිසා ඇසෙහි සිදුවන තැලීම්

ඇසට සිදුවූයේ සැලකිය යුතු ප‍්‍රමාණයේ අනතුරක් නම් හෝ ඊට හේතුවූ කරුණ නොදන්නේ නම් යන අවස්ථා දෙකේදීම වෛද්‍යවරයෙකු වෙත යෙමු වීම ඉතාමත් සුදුසුය. ඇස වටේ කළු වීමක් සිදුවන්නේ ප‍්‍රධාන වශයෙන් රුධිරය එකතු වීම නිසාවෙනි.

- සීතල දෙයකින් විනාඩි 10-15 කට වරක් ඇස වටේ හොඳින් තවන්න.(අයිස් භාවිතා කරන්නේ නම් එය රෙදි කඩකින් ඔතා තැවීම කරන්න)
- පැය 24 කට පමණ පසු පෙර ආකාරයටම උණුසුම් දෙයකින් ඇස වටේ තවන්න. (උණුවතුරේ පොගවා ගත් පිරිසිදු තුවායක් මේ සඳහා ගත හැක) එවිට එකතු වූ රුධිරය නැවත උරාගැනීම පහසු කරයි.
- නිදාගන්නා විට අමතර කොට්ටයක් තබා හිස ඉහළින් තිබීමට සලස්වන්න.
- සෑම විටම පැත්තට හැරෙන විට අදාල ඇස උඩ පැත්තට සිටින සේ නිදාගන්න.

නමුත් පහත සඳහන් අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතුය.
- ඇසෙන් කදුළු ගැලීම එක දිගට සිදුවන්නේ නම් හෝ වෙනයම් ස‍්‍රාවයක් ගලන්නේ නම්
- ඇසේ එක දිගටම වේදනාවක් ඇති වේ නම්
- පෙනීමේ වෙනසක් සිදුවන්නේ නම්
- ඇසේ සුදු ඉංගිරියාව ආශ‍්‍රිතව ලේ ගැලීමක් සිදුව ඇත්නම්

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු