ERCP පරීක්‍ෂණය

ERCP පරීක්‍ෂණයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙය එන්ඩොස්කොපි පරීක්‍ෂණයකි. මෙහිදී සාමාන්‍ය එන්ඩොස්කොපි පරීක්‍ෂණයකට වඩා සිදුකරනුයේ පිත්නාල පරීක්‍ෂා කිරීමකි. ඊට අමතරව එක්ස්රේ ගැනීමද සිදුකරයි. නමුත් මෙය සාමාන්‍ය එන්ඩොස්කොපි පරීක්‍ෂණයකට වඩා සංකීර්ණ වන අතර වැඩි වේලාවක් ගත වේ. ඊට අමතරව නිදිමත ගතිය ඇතිවීමට ඖෂධ දීමද සිදුකරයි.

මෙම පරීක්‍ෂණ සිදුකරන්නේ කුමන රෝගී තත්ව වලටද?

- පිත්නාල වල ගල් හිරවීම.
- පිත්නාල ආශ‍්‍රිතව ඇතිවන පිලිකාමය තත්වයන් හෝ පිත්නාල කුඩාවීම.
- පිත්නාල හිරවී පිත එකතුවී ශරීරය කහ පැහැය ගැනීම.
ආදී බොහොමයක් රෝගී තත්ව සඳහා මෙම පරීක්‍ෂණය සිදුකෙරේ.

මෙම ක‍්‍රමය මඟින් ප‍්‍රතිකාර කිරීමක් කල හැකිද?

- මෙමඟින් පිත්නාලවල ඇති ගල් ඉවත් කිරීම.
- හීනි වී ඇති පිත්නාල විශාල කිරීම.
- පිත ගැලීම අවහිර වී ඇත්නම් එම හිරවූ තැන ලිහිල් කිරීම.
- පරීක්‍ෂණ සඳහා පිත්නාලයෙන් සැක කරන තැන්වලින් පඨක ලබාගැනීම
ආදී නොයෙකුත් ප‍්‍රතිකාර ක‍්‍රම කලහැක.

මෙම පරීක්‍ෂණයට පෙර සූදානම කෙසේ සිදුවේද?

- බොහෝ විට පරීක්‍ෂණයට කලින් දින රෝහලට ඇතුලත් කිරීම සිදු කෙරේ.
-ලේ පරීක්‍ෂණයක් (ලේ ගැලීම නොනවතින රෝග ඇත්දැයි දැනගැනීම සඳහා)
- මෙහිදී ඩයි වර්ගයක් භාවිතා කරන බැවින් එයට අසාත්මිකතා ඇතිවීමට ඇති සම්භාවිතාව සොයා බැලීමට ආහාර පාන බෙහෙත් වර්ග ආදියට ඇති අසාත්මිකතා ගැන වෛද්‍යවරයා විමසනු ලබයි.
-පැය 4-6 දක්වා කාලයක් ආහාර පාන ගැනීමෙන් වැලකිය යුතුය.
- මෙම පරීක්‍ෂණය කරන කාලය තුල නිදිමත ගතිය ඇතිවීමට ඖෂධ දෙන බැවින් බොහෝ වේලාවට වේදනාවක් ඇතිනොවේ. නමුත් එන්ඩොස් කොපි බටය මුඛයෙන් ඇතුළු කරන විට උගුරට ඒ හා බඩ වාතයෙන් පිරුණු ගතිය නිසා යම් වේදනාවක් ඇතිවිය හැක.

මෙම පරීක්‍ෂණයට පසුව ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

බඩ පිපිණු ස්වභාවය පැය 24 ක් පමණ තිබීම.
දින 1-2 දක්වා කාලයක් උගුරේ දැවිල්ල හෝ සෙම පැටළුණු ස්වභාවයක් ඇතිවීම.
වමනය ගතිය, නිදිමත ගතිය.

⋆ මුල් පැය කිහිපය ආහාර පාන නොගත යුතු අතර ඉන්පපසු බීම වර්ග ද පසුව මෙලෙක් ආහාර ගත යුතුය. පසුදින සිට සාමාන්‍ය ආකාරයට ආහාර ගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 18/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු