අස්ථි ආශ‍්‍රිතව ඇතිවන පිලිකා (Bone Cancer)

අස්ථි ආශ‍්‍රිත පිලිකාවක් යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද?

ශරීරයේ අස්ථි පටක ආශ‍්‍රිතව ඇතිවන පිලිකා තත්වයන් මෙසේ හැදින්වේ
මෙම පිලිකා තත්වයන් මඟින් සාමාන්‍ය අස්ථි පටක විනාශ කිරීමක් සිදුකරන අතර එමගින් එම අස්ථි දුර්වල වීමත් එම ස්ථානයේ ගෙඩියක් මෙන් ඇතිවීමත් පිලිකා සෙල ශරීරය පුරා පැතිරීමත් විය හැක

මෙවැනි අස්ථි අශිතව පිලිකා ඇතිවීම බහුලව දැකිය හැකිද?

අස්ථි ආශ‍්‍රිතව ඇතිවන ගෙඩි වලින් බොහොමයක් පිලිකා නොවන තත්වයන් වේ
ඒ අතරින් අදාල අස්ථි පටක වලින්ම පටන් ගන්නා පිලිකා තත්වයන්ද වැඩිපුර දැකිය නොහැකි අතර වෙනත් ස්ථාන වල හට ගන්නා පිලිකා පැතිරී අස්ථි මත තැන්පත්වී සෑදෙන අස්ථි ආශ‍්‍රිත පිලිකා වැඩිපුර දැකිය හැක

අස්ථි පටක වලින්ම පටන්ගන්නා විවිධ වර්ගයේ පිලිකා තත්වයන් තිබෙනවාද?

අස්ථි සෑදී ඇති පටක වර්ග 3කි

ඉතා ඝනකම් අස්ථි කොටස ( ඔස්ටියොයිඞ් - Osteoid)

කාටිලේජමය කොටස ( අස්ථි කෙලවරවල් හා හන්දි ආශ‍්‍රිතව ඇති)

ඇට මිදුළු

මේ අතරින් ඝනකම් කොටසේ ඇතිවන පිලිකා ඔස්ටියෝසාකෝමා (Osteosarcoma) ලෙස හැඳින්වේ
සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 20 ත් අතර අයගේ වැඩිපුර දැකිය හැක

කාටිලේජමය කොටස ආශි‍්‍රතව ඇතිවන පිලිකා කොන්ඩ්‍රොසාකෝමා ( Chorosarcoma) ලෙස හැදින්වෙන අතර සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වැඩි අයගේ වැඩිපුර දැකිය හැක

Ewing's Sarcoma ( එවින්ග්ස් සාකෝමා ) ඇතිවන්නේ අස්ථි සෑදීමට ඒ ආශ‍්‍රිතව ඇති අනෙකුත් පටක වලින් වේ උදා- ස්නායු, රුධිර වාහිනී
මෙම පිලිකා විශේෂයෙන් අවුරුදු 20ට අඩු අයගේ දැකිය හැක

අස්ථි අශ‍්‍රිත පිලිකා ඇතිවීමට හේතු මොනවාද?

ආරෙට යන රෝගී තත්වයක් ලෙස
විකිරණ ප‍්‍රථිකාර ( අනෙකුත් පිලිකා තත්වයන්ට ලබා දෙන)
කීමෝතෙරපි ප‍්‍රථිකාර

මේ සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

අදාල ප‍්‍රතිකාරය රෝගය නිර්ණය කරනු ලැබූ අවස්ථාවේ ඇති තත්වය මත රදා පවතී
ශල්‍යකර්මයක් මඟින් අදාල කොටස ඉවත් කිරීම ඇති ප‍්‍රධානතම ප‍්‍රථිකාරයයි
මීට අමතරව
කීමෝතෙරපි ප‍්‍රථිකාරය, විකිරණ ප‍්‍රථිකාරයද ලබා දෙනු ඇත.

මෙවැනි රෝගී තත්වයකට ප‍්‍රථිකාර කිරීමෙන් පසු කාලය කෙසේ විය යුතුද?

අස්ථි ආශ‍්‍රිත පිලිකා පහසුවෙන් ශරීරයේ අනෙකුත් තැන් වලට පැතිරී තිබිය හැක.
විශේෂයෙන් පෙනහළු තුලට. එසේම ශල්‍යකර්මය සිදුකල තැන නැවත ඇතිවීමේ අවධානමක්ද ඇත.
එබැවින් වෛද්‍යවරයා විසින් ක‍්‍රමාණුකූලව මුල්කාලයේදී නිතර පරීක්ෂණ වලට බදුන් කරනු ලබයි.
විශේෂයෙන් රුධිර පරික්ෂණ හා එක්ස් රේ පරික්ෂණ

මෙවැනි තත්ව වලක්වා ගත හැක්කේ කෙසේද?

ඇතිවීම වලක්වා ගැනීමට විශේෂිත ක‍්‍රමයක් නැතිමුත් මූලික රෝග ලක්ෂණ එනම් අස්ථි වල එක් ස්ථානයක ඇතිවන කැක්කුම ( විශේෂයෙන් රාත‍්‍රී කාලයේදී පවා) අස්ථි ආශ‍්‍රිතව ගෙඩියක් ඇතිවීම යන අවස්ථා වලදී නොපමාව වෛද්‍ය උපදෙස් ගැනීම මඟින් තත්වය උග‍්‍ර තත්වයට පත්වීම වලක්වා ගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 09/12/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු