ගල් තැලුම් (Callosities)

ගල් තැලුම් යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

කකුල්වල යටි පතුල්වල සමෙහි ඇතිවන ඝණ වීමක් ලෙස මෙය හැදින්විය හැක.

මෙසේ ගල් තැලුම් ලෙස හදුන්වන තත්ව ඇතිවීමට හේතු මොනවාද?

සාමාන්‍ය තත්ව යටතේදී ශරීරයේ බර දරාගැනීමට හැකිවන සේ කකුලේ හැඩය නිර්මානය වී ඇත.

නමුත් විවිධ හේතු නිසා කකුලේ එම හැඩය නැතිව ගොස් යටිපතුලට පීඩනය යෙදෙන රටාව වෙනස් වී යා හැක.

එවිට සිදුවන්නේ යටි පතුලේ සමහර ස්ථානවලට වැඩිපීඩනයක් යෙදීම වන අතර ඊට ඔරොත්තුදීමට ඇතිවන අනුවර්ථනය වීමක් ලෙස එම ස්ථානයේ සම ඝණ වීම සිදුවේ.

කකුලේ හැඩය වෙනස් වීමට තුඩු දෙන හේතු ලෙස

උත්පත්තියේදීම ඇතිවන කකුලේ හැඩයේ ඇතිවන ව්‍යාකූලතා

පසුකාලීනව ඇතිවන තුවාල වීම්, කකුලේ අස්ථී බිදී යාම් හා ස්නායු දුර්වල වීම් නිසා

දියවැඩියාව නිසා ඇතිවන ස්නායු දුර්වලවීම් හේතුකොටගෙන ඇතිවන මාංශපේශී දුර්වලවීමත් ඒ හේතුව නිසා කකුලේ හැඩය වෙනස් වීම

කකුලට හිර හෝ ප‍්‍රමාණයෙන් විශාල පාවහන් පැලදීමත් පැත්තකට ගෙවුනු පාවහන් පැලදීමත් මෙම තත්වය ඇතිවීමට බෙහෙවින් හේතුකාරක වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

අදාල ස්ථානයේ සම ඝණ වීමත් පතුරු ගැලවී යාමත් ප‍්‍රධාන වශයෙන් දැකිය හැක.

සමහර අවස්ථාවලදී එම ස්ථානයේ කැක්කුම ඇතිවීමත් විෂබීජ තත්ව ඇතිවීමත් දැකිය හැක.

මේ සදහා පරීක්ෂණ සිදුකරනු ලබන්නේද?

වෛද්‍යවරයාගේ රෝග පරීක්ෂණය මගින් තත්වය නිර්ණය කරනු ලබයි.

මේ සදහා විශේෂිත වූ පරීක්ෂණ නොමැත.

මේ සදහා ප‍්‍රථිකාර කරනු ලබන්නේ කෙසේද?

ප‍්‍රථමයෙන් සිදුකල යුත්තේ මේ සදහා හේතුකාරකය සොයාගැනීමයි
පාවහන් ගෙවී ඇත්නම් හෝ තම කකුලේ ප‍්‍රමාණයට නොගැලපෙන පාවහන් පලදින්නේ නම් එ්වා මාරුකල යුතුවේ.

කකුලේ හැඩයේ වෙනසක් ඇතිනම් ඊට සරිලන පාවහන් සාදාගැනීම කල යුතුවේ.

තවද ගල්තැලුම පාවහනේ ගැටෙන ස්ථානයේ ඊට සරිලන කොටසක් ඉවත් කර ගැනීම මගින් තව දුරටත් ගල් තැලුම මත පීඩනයක් ඇතිවීම මගහැරෙනු ඇත.

එවිට ඇවිදීමේදී අඩිය තබන විට ඇතිවන කැක්කුමද මග හැරී යනු ඇත.

ශල්‍යකර්ම කල යුතු අවස්ථා ලෙස

විෂබීජ තත්ව ඇතිවූ අවස්ථාවල සමේ අදාල කොටස ශල්‍යකර්මයකින් ඉවත් කල යුතුවේ.

එවැනි අවස්ථා වලදී අදාල ස්ථාන රතුවීමත් සැරව ගැලීමත් සමහර අවස්ථා අවලදී විශේෂයෙන් දියවැඩියාව ඇති අයගේ දුර්ඝන්ධයක් වහනය වීමත් සිදුවේ.

විෂබීජ තත්වයක් ඇති නොවුනත් ඇවිදීමේදී තද කැක්කුමක් ඇති වන්නේ ශල්‍යකර්මයක් මගින් සමේ ඝණ වූ කොටස ඉවත් කරන අවස්ථා ඇත.

විවිධ හේතු නිසා කකුලේ හැඩයේ වෙනස්කම් ඇති වී ඇත්නම් සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මයක් මගින් තත්වය යථා තත්වයකට පත්කිරීමට යෝජනා කරනු ඇත.


Article uploaded on 02/05/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 02/05/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු