වෘෂණ කෝෂයේ වතුර පිරුණූ ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (hydrocelectomy)

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 4

රෝග ලක්ෂණ
උත්පත්තියේ සිටම වෘෂණ කෝෂයේ එක් පැත්තක් ඉදිමී තිබීම.

මුල් කාලයේදී එය විශාල වූවත් පසුව එහි ප‍්‍රමාණයෙහි වෙනසක් නොවීම

මුල් අවස්ථාවේදී කරන ලද ස්කෑන් පරීක්ෂණයක් මගින් එය වෘෂණ කෝෂයේ ඇති වතුර ගෙඩියක් (Hydrocele)බව තහවුරු කර තිබීම

වෛද්‍යවරයාගේ නිගමනය

එය වෘෂණ කෝෂයට සීමාවූ වතුර ගෙඩියක් බව

එය ප‍්‍රමාණයෙන් අඩුවීමක් දැකිය නොහැකි නිසා ශල්‍යකර්මයකින් එය ඉවත් කිරීමට යෝජනා කිරීම.(Hydrocelectomy)


නිර්වින්දන ස්වභාව්‍ය
සම්පූර්ණයෙන් සිහිනැතිකිරීම.

ශල්‍යකර්මය සදහා ගතවූ කාලය
විනාඩි 20-25ක් පමණ

ශල්‍යකර්මයට පසු කාලය

රෝහලේ ගතකල කාලය දින 2යි
වේදනා නාශක ඖෂධ දීම.

රෝහලෙන් පිටකරන විට දෙනු ලැබූ උපදෙස්
දියවන මැහුම් යොදා ඇතිබැවින් මැහුම් කැපීමක් අවශ්‍ය නොවන බව දැන්වීම.

ශල්‍යකර්මය සිදුකරන ලද ස්ථානයේ රතු වීමක් ,රුධිර ගැලීමක්,සැරව ගැලීමක් හෝ උණ ගැනීමක් වූවහොත් වහාම රෝහලට පැමිනෙන ලෙස උපදෙස් දීම.


(සාමාන්‍ය ජනතාවට විවිධ රෝගී තත්ව හා ඊට කරනු ලබන ප‍්‍රථිකාර සම්භන්ධව යම් අවබෝධයක් ලබා දීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් දරුවාගේ දෙමව්පියන්ට අපගේ ප‍්‍රණාමය)

uploaded on 27/10/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 26/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු