පිලිසිදගත් දරුගැබක් මුල් අවස්ථාවේදීම පිටවීම (Miscarriage/ Spontaneous Abortion)

Miscarriage එකක් යනුවෙන් කුමක් අදහස් කෙරේද?

ගැබ් ගැනීමෙන්සති 20ක් ඇතුලත කාලයේදී නිකම්ම දරුගැබ ගර්භාෂයෙන් එලියට පිටවීම මෙලෙස අදහස් කෙරේ.

මෙවැනි තත්වයකදී
යෝනිමාර්ගයෙන් කැටගැසුනු පටක කැබලි පිටවීම

යෝනිමාර්ගයෙන් කැට වශයෙන් රුධිර වහනයක් සිදුවීම
දැකිය හැක

බොහෝවිට ගැබ්ගෙන ඇත්දැයි දැන ගැනීමටත් ප‍්‍රථම මුලික අවස්ථාවේදීම මෙවැනි තත්ව ඇතිවිය හැක.

සාමාන්‍යයෙන් මෙලෙස පිලිසිද ගත් දරුගැබක් පලමු සති 7කදී පමණ ඉවත් වීමේ සම්භාවිතාව 10%- 15% අතර වේ.

මෙවැනි තත්වයක් ඇතිවීමට හේතු කවරේද?

මේ සදහා බලපාන හේතු රාශියකි
මේ අතරින් පිලිසිදගත් දරුවාගේ ජානවල ඇති දුර්වලතාද බෙහෙව්න් බලපායි බොහෝ විට මෙය මවගේ හෝ පියාගේ ජානවල ඇති දුර්වලතාවයක් නොවිය හැක.

මීට අමතරව

හෝමෝනවල ඇතිවන ව්‍යාකූලතා ( නියමාකාර පිලිසිද ගැනීමක් සදහා මෙම හෝමෝන අත්‍යාවශ්‍ය වේ.)

ගර්භාෂය ආශ‍්‍රිතව ඇතිවිය හැකි විෂබීජ තත්වයන්

ස්තූලතාවය

මවගේ ඇතිවී ඇති රෝගී තත්වයන් (උදා පාලනනය කල නොහැකි මට්ටමේ ඇති දියවැඩියාව)

මවගේ ගර්භාෂයේ පිහිටීමේ ඇතිවී ඇති ව්‍යාකූලතා

පරිසර දූෂණයත් සමග ශරීරයට ඇතුලු වී ඇති විෂ රසායනික ද‍්‍රව්‍ය නිසා

දුම් බීම හා මධ්‍යසාර භාවිතය

තවද
මවගේ වයස අවුරුදු 30කට පමණ වැඩිවීම හා මීට පෙර මෙවැනි තත්ව ඇතිවී ඇත්නම් දරුගැබක් මෙලෙස ගර්භාෂයෙන් ඉවත්වීමට අවධානමක් ඇත .

මෙවැනි තත්වයක් ඇතිවීමට පෙර කිසියම් හෝ ලක්ෂණ ඇතිවිය හැකිද?

පිටකොන්ද ආශ‍්‍රිතව ඇතිවිය හැකි කැක්කුම.

යටි බඩ ආශ‍්‍රිතව ඇතිවිය හැකි මිරිකන ස්වභාවයකින් යුත් කැක්කුම.


මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් කරනු ලබන පරීක්ෂාවෙන් ගැබ්ගෙල ප‍්‍රදේශයේ මෙවැනි තත්වයකදී ඇතිවිය හැකි වෙනස්වීම් හදුනාගත හැක.

ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුගැබ සම්පූර්ණයෙන් ඉවත් වී ඇත්ද යන්න පරීක්ෂාකර බලනු ඇත.

සමහර අවස්ථාවලදි කලාතුරකින් දරුගැබට හානි නොවී තිබිය හැක

මීට අමතරව

රුධිර පරීක්ෂණ ( රුධිර වර්ගය දැනගැනීමට හා විෂබීජ තත්ව ඇතිදැයි දැන ගැනීමට)
කරනු ඇත

මේ සදහා කරනු ලබන ප‍්‍රථීකාර මොනවාද?

යෝනිමාර්ගයෙන් ගර්භාෂය තුල වූ ගැබ්ගැනීම හා සෑදුනු සියලු පටක ඉවත් විය යුතුය.

එසේ නොවුනහොත් පසුවට නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවිය හැක.

එසේම පිටවන පටක ගෙන පරීක්ෂණ සිදුකරනු ලැබේ.
ඊට හේතුව වන්නේ ගැබ්ගැනීම ආශ‍්‍රිතවූ පටකවල විකෘතිතා ඇතිවී ඇත්දැයි බැලීමට වේ.

ගැබ්ගැනීම ආශ‍්‍රිතව වූ පටක සම්පූර්ණයෙන් ඉවත් වූයේ නැත්නම් දින කිහිපයක් බැලීමෙන් පසු ඖෂධ දීම හා එයටද ප‍්‍රථිපලයක් ලැබුනේ නැතිනම් යෝනිමාර්ගය හරහාකරන සුලු ශල්‍යකර්මයක් මගින් ඒවා ඉවත්කිරීම සිදුකරනු ලබයි මෙය D and E (Dialation and evacuation) , ERPC (Evacuation of retain product of conception)ලෙස හදුන්වන අතර ජනවහරෙදී බඩ සේදීමක් ලෙස හැදින්වේ.

සාමාන්‍යයෙන් මාස 2ක කාලයක් ඇතුලත මාස්ශුද්ධිය නැවත යථා තත්වයට පත්වන අතර නැවත ගැබ් ගැනීමක් සදහා එය සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වන තුරු සිටීම වඩා යෝග්‍යවේ.

මෙහිදී ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

කලාතුරකින් ගැබ්ගැනීමේදී ඇතිවුන පටක සම්පූර්නයෙන් ඉවත් නොවීම නිසා ව්‍යාකූලතා ඇතිවිය හැක.

දිගටම රුධිර වහනය සිදුවීම.

යටිබඩේ හා කොන්ද ප‍්‍රදේශයේ ඇතිවන දැඩි වේදනාව

විෂබීජ තත්ව ඇතිවීම උණ ගැනීම හා දුර්ගන්දයක් වහනය වීම
මේ සදහා ඉක්මන් ප‍්‍රථිකාර අවශ්‍යවේ.

මීට අමතරව ඇතිවන මානසික වේදනාව

මේ සදහා නෑදෑ මිතුරන් ගේ සහයෝගය ඔවුනට පිටිවහලක්වේ.

මෙවැනි තත්වයන් වලක්වා ගන්නේ කෙසේද?

මවගේ රෝගී තත්වයන් ඇත්නම් එයට නියමාකාරව ප‍්‍රථිකාර ගැනීම.( උදා දියවැඩියාව)

සමාජ රෝග වැලදීමෙ අවධානමක් ඇත්නම් එය පරීක්ෂාකරගැනීම හා ඊට අවශ්‍ය ප‍්‍රථිකාර නියමාකාරව ගැනීම.

සෞඛ්‍යසම්පන්න ආහාර ගැනීම

ලිපිය පළකල දිනය Article uploaded on: 17/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු