මුත‍්‍රාශයේ වූ ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (Bladder Stone-Surgery)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේවයස අවුරුදු 56

ස්ත‍්‍රී පුරුෂ භාවය පුරුෂ

රෝග ලක්ෂණ
යටිබඩේ ඇතිවන කැක්කුම හා බරගතියකින් යුක්ත වීම
නිතර නිතර මුත‍්‍රා දැවිල්ල ඇතිවීම
සමහර අවස්ථාවලදී මුත‍්‍රා කරන විට එකවරම මුත‍්‍රා හිර වීම හා එය තමා ඉන්න ඉරියව්ව වෙනස්කල විට නැවත යථාතත්වයට පැමිණීම
මුත‍්‍රාකර ඉවරවුනු පසුද මුත‍්‍රා බර ගතියක් දැනීම


වෙනත් රෝගී තත්ව
දියවැඩියාව හා අධික රුධිර පීඩනය

කරන ලද පරීක්ෂණ
මුත‍්‍රා පරීක්ෂණය
එක්ස්- රේ පරීක්ෂණය
ස්කෑන් පරීක්ෂණය

වෛද්‍යවරයාගේ නිගමනය
මුත‍්‍රාශයේ විශාල ප‍්‍රමාණයේ ගලක් ඇති බවත් එය ශල්‍යකර්මයකින් ඉවත් කල යුතුබව

නිර්වින්දන ස්වභාවය
කොනදෙන් පහල හිරිවැට්ටවීම

ශල්‍යකර්මය සදහා ගතවූ කාලය
විනාඩි 45 ක් පමණ

රෝහලේ ගතකල කාලය
දින 2කි

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
නියමකරන ලද විෂබීජනාශක පෙති ගැනීම
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව
යොදන ලද මුත‍්‍රා බටය ඉවත් කිරීමට දින 10කින් පමණ රෝහලට පැමිනෙන ලෙස
උපදෙස් ලබා දීම

(විවිධ රෝග පිලිබදව සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපනය නගා සිටුවීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය )

ලිපිය පළකල දිනය Article uploaded on: 11/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු