දියවැඩියාව නිසා කකුලෙහි ඇතිවුනු තුවාලයක් උග‍්‍ර අවස්ථාවකට පැමිණි රෝගියෙකුගේ කකුල දනිසට පහලින් ඉවත් කිරීම

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේවයස අවුරුදු 78
ස්ත‍්‍රී පුරුෂ භාවය පුරුෂ

රක්ෂාව විශ‍්‍රාමික

රෝග ලක්ෂණ
මාස 8කට පෙර කකුලේ සුලු තුවාලයක් ඇතිවීම.
දිය වැඩියාව නිසා කකුලේ සංවේදනය නොමැති වීමෙන් එහි කැක්කුමක් ඇති නොවීම.
එම හේතුව නිසාම රෝගියාගේ අවධානයද එතරම් යොමු නොවීම.
සති 2කින් පමණ තුවාලයෙන් ගද වහනය වීම.
රෝහල්ගත වීම.
එම අවස්ථාව වන විට කකුලේ සමට යටින් මුලු යටිපතුල පුරාම විෂබීජ පැතිරී කකුල නරක් වී තිබීම.
දියවඩියා තත්වය උග‍්‍රවීම හා එය මුලදි ඉන්සියුලීන් වලින් පවා පාලනය කල නොහැකි වීම.
ජීවිත අවධානමක් සහිතව ශල්‍යකර්මයකට භාජනය කර තුවාලය සුද්ධ කිරීම.
දියවැඩියාව යම්දුරකට පාලනය වීම.
නමුත් මාස 8ක් පුරාවට වරින් වර ශල්‍යාගාරය තුලදී තුවාලය සුද්ධකිරීම හා විෂබීජනාෂක ඖෂධ දුන්නද එය යහපත් මට්ටමක නොමැතිවීම හා විලුබ සෑදී ඇති අස්ථියේ විෂබීජ තත්වයක් ඇතිවීම.

වෙනත් රෝගී තත්ව
අධික රුධිර පීඩනය
රුධිරයේ කොලෙස්ටරෝල් අධිකබව
හෘදයවස්තුවේ ඇති ව්‍යාකූලතා

කකුල හා සම්භන්දව කරන ලද විශේෂ පරීක්ෂණ
ඩුප්ලෙක්ස් ස්කෑන් පරීක්ෂණය
එමගින් කකුලේ රුධිරවාහිනී සින්වීමක් ඇතත් එය රුධිර ගමනාගමනයට සැලකියයුතු බලපෑමක් ඇතිනොකරන බවට තහවුරුකර ගැනීම.

වෛද්‍යවරයා රෝගියා සමග සාකච්චාකර ගනු ලැබූ තීරණය
තුවාලය තවදුරටත් ඉහලට ව්‍යාප්තවීමට ප‍්‍රථම කකුල දනිසට පහලින් ඉවත් කිරීම

නිර්වින්දන ස්වභාවය
කොන්දෙන් පහල හිරිවැට්ටවීම

ශල්‍යකර්මය සදහා ගතවු කාලය
පැය 1යි විනාඩි 30ක් පමණ

ශල්‍යකර්මයට පසුකාලය
යොදන ලද බටය ඉවත් කිරීම දෙවෙනි දිනයේදී
මැහුම් ඉවත් කිරීම 12 වන දිනයේදී
විෂබීජනාෂක ඖෂධ ලබා දීම.
කකුලට ව්‍යායාම කිරීම.
දියවැඩියාව පාලනය කිරීම.


රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
නියමකරන ලද වේදනා නාශක පෙති ගැනීම.
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව.
කියාදුන් ව්‍යායාම නිතර සිදුකිරීමට උපදෙස් දීම.
කෘත‍්‍රිම පාදයක් ලබාගැනීමට රෝගියා යොමුකිරීම.

රෝගියාගේ පසුකාලීන තත්වය
මාස 3 කින් පමණ කෘත‍්‍රිම පාදය අධාරයෙන් තනිවම සායනවලට සහභාගී වීම


----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය


ලිපිය පළකල දිනය Article uploaded on: 27/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු