ලිපිඩ් ප්‍රොෆයිල් (Lipid Profile)

මෙම පරීක්ෂණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

රුධිරයේ ඇති මේදය විශේෂයෙන් කොලෙස්ටරෝල් ප‍්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම පරීක්ෂණය සිදුකරයි
මෙමගින් හෘදය වස්තුව හා රුධිරවාහිනි කෙරෙහි ඇති අවධානම ගැන කලින් හදුනාගෙන ප‍්‍රථිකාර කලහැක

මෙම පරීක්ෂණයට පෙර සූදානම කෙසේ විය යුතුද?

පැය 12-14 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය.
නමුත් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය පමනක් අවශ්‍ය නම් එසේ නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ.

එවෙලේ ගන්නාලද ආහාර, රුධිරයේ ඇති මුලු කොලෙස්ටරෝල් ප‍්‍රමාණය හා HDL කොලෙස්ටරෝල් ප‍්‍රමාණය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

නමුත් LDL කොලෙස්ටරෝල් ප‍්‍රමාණය හා ට‍්‍රයිග්ලිසරයිඩ් ප‍්‍රමාණය වැඩිකරයි. එබැවින් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බැලීමේදී එසේ නිරාහාරව සිටීම ඉතා වැදගත් වේ.

රුධිරයේ කොලෙස්ටරෝල් පවතින විවිධ ආකාර මොනවාද?

රුධිරයේ කොලෙස්ටරෝල් රැගෙන යාමට නම් එය ප්‍රෝටීන වර්ගයකට බැදිය යුතුවේ. එම ප්‍රෝටීනය ලිපෝ ප්‍රෝටීන ලෙස හැදින්වේ.
එම ප්‍රෝටීන වර්ග කිහිපයකි

1.LDL
2.HDL
3.VLDL

LDL කොලෙස්ටරෝල්
HDL කොලෙස්ටරෝල්

මේ අතරින් LDL කොලෙස්ටරෝල් අහිතකර කොලෙස්ටරෝල් වන අතර HDL කොලෙස්ටරෝල් හිතකර කොලෙස්ටරෝල් ලෙස හැදින්වේ. ඊට හේතුව වන්නේ LDL කොලෙස්ටරෝල් මගින් රුධිර වාහිනී තුල කොලෙස්ටරෝල් තැන්පත් කිරීමේ හැකියාව වැඩි අතර HDL කොලෙස්ටරෝල් මගින් එවැන්නක් සිදු නොවේ.

ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කල යුත්තේ කවර පුද්ගලයින්ද?

හෘදය වස්තුවේ ව්‍යාකූලතා ,අධික රුධිර පීඩනය, දියවැඩියාව හා අංශභාගය ඇති පුද්ගලයින් මෙම පරීක්ෂණය කරගෙන ඒ සදහා අදාල ප‍්‍රතිකාර ගැනීම කල යුතුය.

මීට අමතරව වයස අවුරුදු 35 දී පිරිමිද, අවුරුදු 45 දි ගැහැනු අයද පලමු වරට මෙම පරීක්ෂණය කරගන්නේ නම් යෝග්‍යවේ.
ආරෙට යන අවස්ථා ඇති පවුල්වල උදවිය, මෙය මීට කලින් කර ගැනීමෙන් ඇතිවිය හැකි බොහොමයක් ව්‍යාකූලතා මගහරවා ගත හැක.
මෙම පරීක්ෂණය මාස්පතා කලයුතු නොවේ. එය වසරකට එක් වරක් කරගැනීම සෑහෙන අතර ඉතා අධික ලෙස කොලෙස්ටරෝල් ඇති අය වසරකට දෙවරක් පමණ මෙය කරගැනීම සෑහේ.

මෙම පරීක්ෂණයේදී තිබිය යුතු සාමාන්‍ය අගයන් මොනවාද?

මෙම අගයන් පරීක්ෂාකරන රසායනාගාර ක‍්‍රමය අනුව ඉතා මද වශයෙන් වෙනස් විය හැක. නමුත් සමස්ථයක් වශයෙන් පහත දී ඇති අගයන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ තිබීම යෝග්‍ය වේ.

LDL
කොසේටරෝල් (LDL cholesterol) 130mg/dl( මීට වඩා අඩු අගයන් තව දුරටත් යෝග්‍යවේ.)

HDL කොසේටරෝල් (HDL cholesterol) 40-60mg/dl( මීට වඩා වැඩි අගයන් තව දුරටත් යෝග්‍යවේ.)

මුලු කොලෙස්ටරෝල් ප‍්‍රමාණය(Total Cholesterol) 200mg/dl (මීට වඩා අඩු අගයන් තව දුරටත් යෝග්‍යවේ.)

ට‍්‍රයිග්ලිසරයිඩ් (Triglyceride) 10-150mg/dl (මීට වඩා අඩු අගයන් තව දුරටත් යෝග්‍යවේ.)

VLDL 2-30mg/dl


ලිපිය පළකල දිනය Article uploaded on: 16/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු