දියවැඩියාව සදහා කරනු ලබන HbA1c පරීක්ෂණය

HbA1c පරීක්ෂණය යනු කුමක්ද?

දියවැඩියාව ඇති අයෙකුගේ රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය නිතර වෙනස් විය හැක. නමුත් ප‍්‍රතිකාර කිරීමේ මූලික අරමුණ වනුයේ එම සීනි ප‍්‍රමාණය සෑමවිටම සාමාන්‍ය අගයක තබාගැනීමයි. යමෙකුගේ රාත‍්‍රියේ නිරාහාරව සිට කරනු ලබන රුධිරයේ සීනි පරීක්ෂණය සාමාන්‍ය අගයක තිබිය හැකිමුත් දවසේ අනෙකුත් වේලාවන්වලදි එහි අගය සාමාන්‍ය අගය ඉක්මවා තිබිය හැක. එය ශරීරයේ අනෙකුත් පද්ධති කෙරෙහි අහිතකර ලෙස බලපායි මෙසේ අසාමාන්‍ය ලෙස සීනි ප‍්‍රමාණය වෙනස්වීම් ඇත්දැයි බැලීම සදහා මෙම පරීක්ෂණය කරනු ලැබේ. මෙමගින් පසුගිය මාස 3 ක කාලයක් තුලදී මෙවැනි වෙනස්වීම් ඇත්දැයි සොයාගත හැක

මෙම පරීක්ෂණය සදහා නිරාහාරව සිටිය යුතුද?

නිරාහාරව සිටිය යුතු නොවේ. දවසේ ඕනෑම වේලාවක මෙම පරීක්ෂණය කල හැක. මෙහිදි සාමාන්‍ය ආකාරයට රුධිර සාම්පලයක් ලබාගැනීම සිදුකරයි

පරීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව දියවැඩියා තත්වය කෙසේ පහදයිද?

මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ප‍්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරයි

අගය 5.6% ට වඩා අඩුනම් එය සාමාන්‍ය වේ.
අගය 5.7% ත් 6.4% අතරනම් දියවැඩියාව ඇතිවීමේ වැඩි අවධානමක් ඇත
අගය 6.5% ට වඩා වැඩිනම් එය දියවැඩියා තත්වයක් වන අතර එහි අගය තවදුරටත් වැඩිවීම් දුර්වල සීනි පාලනක් නිසා සිදුවේ.


ලිපිය පළකල දිනය Article uploaded on: 27/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු