හිසට සිදුවන තුවාල (Head Injury)

හිසට තුවාලයක් සිදුවීමේදී

හිස් කබලේ මතුපිට්න් ඇති සමට, හිස් කබලට හෝ මොලයට යන ස්ථාන තුනටම තුවාල සිදුවිය හැක. මීට අමතරව හිසේ කිසිම තුවාලයක් නොවී අධික වේගයෙන් හිසේ සිදුවන ගැස්සීම් නිසා හිස් කබලේ ඇතුල් පැත්තේ ගැටීම නිසාද මොලයට හානි විය හැක.

හිසට වන තුවාලයකදී
- සිහිය නැතිව යාම.(එය එකවර හෝ ක‍්‍රම ක‍්‍රමයෙන් ව්ය හැක)
- ලේ ගැලීම.
- ඇස් නොපෙනී යාම.
- නාසයෙන් කට්න් හෝ කනෙන් ලේ ගැලීම ඇස් වටේට ලේ එකතුවීම.
- නාසයෙන් කනෙන් වතුර වැනි යමක් පිටවීම.
- මද සිහිගතිය.
- වලිප්පුව ඇති වීම, පණ නැතිව යාම.
- කතා කලනොහැකි වීම.
- වමනය යාම.
වඩා බහුලව ඇතිවිය හැක.

⋆ හිසට තුවාලයක් සිදුවූ සෑමවිටම සිහි තබාගත යුතු කරුනක් වනුයේ ඒ සමගම ගෙල ප‍්‍රදේශයේ කශේරුකාවට හානී වීමට ඇති හැකියාවයි. එසේ වී තිබෙන අවස්ථාවක හිසේ සිදුකරන චලනයන් හේතුකොටගෙන සුසුම්නාවට හානි වී අත් සහ කකුල් සම්පූර්ණයෙන් පණ නැතිව යාමකට තුඩුදිය හැක. එබැව්න් සෑම විටම ගෙලට හානී වීමක් සැක කරන්න. එවැනි අවස්ථාවක හිසේ චලනයන් හැකි තරම් අවම කරන්න

පමානොවී වහාම රෝහල වෙත රැගෙන යායුතු අවස්ථා

1- සිහි මද ගතිය.
2- චර්යාවේ ඇතිවන වෙනස්කම්
3- තද හිසේ කැක්කුම හා ගෙලෙහි ඇතිවන හිර ගතිය.
4- තද නිදිමත.
5- එකවරකට වඩා වමනය දැමීම.

දිය යුතු ප‍්‍රථමාධාර

රෝගියාට කතාකල හැකිද, ස්වසනයේ අපහසුතාවක් තිබේද, නාඞ් වැටෙනවාද යන කරුණු ගැන සොයා බැලියයුතුය. සාමාන්‍යයෙන් කථාකිරීමට හැකි නම් ඔහුගේ හුස්ම ගැනීමේ හැකියාව යතාතත්වයේ ඇත.

⋆ ගෙල ප‍්‍රදේශයේ තුවාල වීමක් හො තැලීමක් සැක කරනුයේ නම් හිසෙහි ඇතිවන සෙලවීම අවමකල යුතුය. ඒ සදහා රෝගියා ලෑල්ලක හෝ බිම තබා ඔහුගේ හිස පැත්තේ සිට එක් අයෙකු තමාගේ අත්දෙක හිසෙහි දෙපැත්තෙන් තබා හිස හා ශරීරය එකම අක්ෂයක සිට්න සේ සෙලවීමට නොදී තබා ගන්න. එමගින් සුසුම්නාවට තවදුරටත් සිදුව්යහැකි හානි අවම කෙරේ. මෙය රොගියා ප‍්‍රවාහනයේදීද කල යුතුය.

⋆ හිස් කබලේ පැලීම් ඇතැයි සැකකරන්නේ නම් ලේ නතරකිරීමට ඒ ස්ථාන තදකිරීමෙන් වලකින්න.

⋆ තුවාලය ඇති තැන ඇමිනී ඇති ද්‍රව්‍ය ගැලවීමට යාමෙන් වලකින්න. ඒ ස්ථානය පිරිසිදු රෙදි කැබැල්ලකින් වසන්න.

⋆ රෝගියාට වමනය යන්නේ නම්, හිස ගෙල හා ශරීරය එකම අක්ෂයක සිට්නසේ රෝගියා පැත්තට හරවන්න, එමඟින් වමනය යන දේ පෙනහළුවලට ඇතුළු වීම වලකින අතර සුසුම්නාවට හානි වීමද අවම කෙරේ.

⋆ ඉදිමී ඇති තැන්වල සිලි උරයක දමා රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් තබන්න.

සුළු තුවාලවීම් වලදී විශේෂ අවධානයෙන් සිටිය යුතු කරුණු මොනවාද?

- වමනය යාම.
- වලිප්පුව ඇතිවීම.
- එකදිගට ඇතිවන තද නිදිමත ගතිය.
- සිහි නැති වීම.
- හිසෙහි කැක්කුම ක‍්‍රමයෙන් වැඞ්වීම.
- පෙනීමේ වෙනස්කම් ආදිය ඇති වීම.
යන කරුනු තිබේනම් වහාම රොගියා රෝහලට ගෙන යා යුතුය.

⋆ දරුවන් ට්ක වෙලාවකින් සෙල්ලම් කිරීම, ඉතා කුඩා දරුවන් හොදින් කිරි උරා බීම යනු සුවවීමේ ලක්ෂණ වේ.
- හිසේ කැක්කුමට පැරසිටමොල් වැනි පෙති පාවිච්චි කලහැකි මුත් ඇස්පී‍්‍රන් වැනිදෑ ගැනීමෙන් වලකින්න.

හිසේ තුවාල වීමකදී නොකලයුතු දේවල් මොනවාද?

1 ගැඹුරු තුවාල සේදීමෙන් වලකින්න.
2 යමක් ඇනී ඇත්නම් එය ගැලවීමට යාමෙන් වලකින්න.
3 ව්ශේෂ වූ හේතුවක් මත හැරෙන්න රෝගියා වාඞ්කරවන්නට නැගිට්ට වන්නට යාමෙන් වලකින්න.
4 රොගියා සිහි මද ගතියෙන් හෝ තද නින්දේ පසුවන්නේ නම් ඇහැරවීමට යයි සිතා රෝගියා සෙලවීමෙන් වලකින්න.
5 හිසට වූ අනතුරක් නිසා වැටුනු දරුවෙක් එකවර ඉහලට ඔසවා ගැනීමෙන් වලකින්න.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු