නොදැනීම මුත‍්‍රා පිටවීම (Urinary incontinence)

නොදැනීම මුත‍්‍රා පිටවීමේ විවිධ අවස්ථා

සාමාන්‍ය තත්ව යටතේදී මුත‍්‍රාකිරීමට අවශ්‍ය වූ විට මුත‍්‍රා කිරීම පාලනය කරගෙන සිටීමට හැකි මුත් යම් යම් රෝගී තත්ව වලදී එසේ පාලනය කිරීමේ හැකියාව නොමැති වී යයි. නොදැනීම මුත‍්‍රා පිටවීම සිදුවේ.
මෙම ප‍්‍රශ්ණය සහිතව ජීවත්වන දහස්ගණන් පුද්ගලයින් සිටින අතර ලැජ්ජාව හේතුකොටගෙන ප‍්‍රථිකාර සඳහා ඉදිරිපත් නොවේ. නමුත් හරියාකාරව ප‍්‍රථිකාර කිරීම මඟින් බොහොමයක් රෝගීන්ට හොඳ ප‍්‍රතිඵල ලබාගත හැක.

නොදැනීම මුත‍්‍රා පිටවීමේ විවිධ අවස්ථා තිබිය හැක.
1. උදරයේ එකවර පීඩනය වැඩිවීම සමඟ නොදැනීම මුත‍්‍රා පිටවීම.(Urge incontinence)
උදා: කහින විට
- හිනාවෙන විට
- ව්‍යායාම වල නිරත වන විට
මෙය ගැහැණු අයගේ බහුලව දැකිය හැක. ගුද මාර්ගය ඇති ප‍්‍රදේශයේ මංශපේශී වල සිදුවන දුර්වල වීම් හේතුකොට ගෙන මෙම තත්ව ඇතිවේ. එසේ දුර්වල වීමට බලපාන ප‍්‍රධාන සාධක වනුයේ
- දරුවන් බිහිකිරීමේ දී සිදුවන ඉරීම්
- ඒ ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම
- වයසට යාම

2. මුත‍්‍රා කිරීමට අවශ්‍ය වූ විට එය පාලනය කල නොහැකිව ඒ සමඟම මුත‍්‍රා පිටවීම.(Urge incontinance) මෙය බෙහෝ විට වයසක අයගේ මෙන්ම මුත‍්‍රා වල විෂබීජ තත්වයන් හිදී දැකිය හැක.

3. එකදිගටම නොදැනීම මුත‍්‍රා පිටවීම. (Overflow incontinance)
මෙහිදී මුත‍්‍රා පිටවන මාර්ගයේ ඇති බාධාවක් හේතුකොටගෙන හෝ දියවැඩියාව හා සමහර ඖෂධ වර්ග නිසා මුත‍්‍රාශයෙන් සම්පූර්ණයෙන් මුත‍්‍රා පිටකල නොහැකි වේ. සෑම විටම ස්වල්ප වශයෙන් මුත‍්‍රා පිටවීම සිදුවේ.

මෙසේ මුත‍්‍රා පාලනය කල නොහැකි වීමට හේතු මොනවාද?

- පුරස්ථ ග්‍රන්ථි විශාල වීම මඟින් මුත‍්‍රා මාර්ගය අවහිර වීම.
- මලබද්ධය නිසා මලපහ විශාල වශයෙන් ගුදයේ ඉතිරිව තිබීම.
- අධික තරබාරු ගතිය.
- මුත‍්‍රාවල විෂබීජ තත්ව
- රුධිර වාහිනී වල ඇති අවහිර වීම්.
- දියවැඩියාව වැනි රෝග
- මුත‍්‍රා පාලනය කිරීම හා සම්භන්ධව ඇති මංශපේශී වල ඇති දුර්වලතා
- මාස්ශුද්ධිය නතරවූ කාන්තාවන්ගේ යෝනි මාර්ගය හා මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රිතව වියළි බවක් ඇතිවීම.

මෙයට ප‍්‍රථිකාර කරන්නේ කෙසේද?

හේතු වී ඇති කාරණය මත ප‍්‍රථිකාර ක‍්‍රමය වෙනස්වේ.
- මුත‍්‍රා පාලනය කරන මංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම ක‍්‍රම(Kegel exerci1ses)
- ඖෂධ වර්ග
- ශල්‍යකර්ම

මාංශපේශී ශක්තිමත් කිරීමට ඇති ව්‍යායාම ක‍්‍රමය කුමක්ද?

මෙය Hegel exercises යනුවෙන් හැඳින්වේ. මෙය උදරයේ පීඩනය වැඩිවන විට නොදැනීම මුත‍්‍රා පිටවීම නැවැත්වීමට හොඳ ක‍්‍රමයකි. මෙහි ප‍්‍රතිඵලය ලැබීමට මාස 3-6 දක්වා කාලයක් ගතවිය හැක.

මෙය කල යුතු පිළිවෙල
1. මුත‍්‍රා පාලනය කිරීම හා ආශ‍්‍රිතව දුර්වල වී ඇති මාංශපේශීන් හඳුනාගැනීම.
මේ සඳහා ඔබ මුත‍්‍රා කරන විට උදරය, තට්ටමේ හෝ කකුල්වල මංශපේශී තද නොකර මුත‍්‍රා ගමන නැවැත්වීමට හෝ අඩුකිරීමට උත්සහ කරන්න. එක් අවස්ථාවකදී එක් විදිහකට මාංශපේශී තද කිරීමේදී මුත‍්‍රා ගමන නතර වීම හෝ අඩුවීම සිදුවේ. ඒ මුත‍්‍රා පාලනය කිරීමට අවශ්‍ය මාංශපේශී ඛාන්ඩයයි. දැන් ඔබට කවර ආකාරයකට එම මංශපේශී පමණක් ක‍්‍රියාකාරි කල හැක්කේ ද යන්න ගැන අවබෝධයක් ඇත.

2. දැන් ඒ ආකාරයට එම මාංශපේශී ඛාන්ඩය තදකර දහයට ගණින්න. ඉන්පසු බුරුල් කර දහයට ගණින්න.

3. මේ ආකාරයට එක් වරකට 20 වරක් බැගින් දවසට තුන්වරක් කරන්න.

4. බොහෝ විට සාර්ථක ප‍්‍රතිඵල මාස 3-6 දක්වා කාලයකින් ලගාකරගත හැක.

මුත‍්‍රාශය පුහුණු කිරීම කරන්නේ කෙසේද?

- මුලින්ම මුත‍්‍රා කිරීමට අවශ්‍ය සෑම විටම විනාඩි 5ක් එය නවත්වා ගෙන සිටීම. ටිකෙන් ටික මෙසේ නවත්වාගෙන ඉන්න කාලය වැඩිකරන්න.
- මේ ආකාරයට මුත‍්‍රා කරන කාලය අතර වෙනස පැය 3-4 දක්වා කාලයක් ගත වෙනතෙක් මෙය පුහුණු කරන්න.
- මෙම ක‍්‍රියාවලියේදී මුත‍්‍රා හිරකරගෙන සිට පිටකිරීමේදී ශරීරය හොඳින් ලිහිල් කිරීම අවශ්‍ය වේ.
- ඒ සඳහා ඉතා සෙමින් ගැඹූරු ස්වසන රටාවක් අනුගමනය කරන්න.
මේ සඳහා කලහැකි වෙනත් ක‍්‍රමයක් නම් මුත‍්‍රා කිරීමට වැසිකිලි යන වාර ගණන ක‍්‍රමයෙන් අඩුකිරීමයි.

ඖෂධ හා ශල්‍යකර්ම

නොයෙකුත් ඖෂධ වර්ග ඇතත් වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර එම ඖෂධ ලබාගත යුතුය. පුරස්ථි ග්‍රන්ථි විශාල වීම, මුත‍්‍රා මාර්ගය අවහිර වී ඇති අනෙකුත් අවස්ථා ශල්‍යකර්ම මඟින් යථා තතවයට පත්කල හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු