අප පිළිබඳ බිඳක්

කතු වැකිය

surgery.lk වෙබ් අඩවිය සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය නගා සිටුවීමේ අටියෙන් නිර්මාණය වූවකි. මෙහිදී විවිධ රෝග සම්භන්ධව ඉතාම සරළව සිංහල භාෂාවෙන් ගෙන හැර දක්වා ඇති නිසා ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් තේරුම් ගතහැකිය.

රෝග වලින් වැලකීමේ මාර්ග, මූලිකරෝග ලක්‍ෂණ ගැන අවබෝධය ලබාදීම හා වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අවස්ථා ගැන පැහැදිලි කිරීම් අන්තර්ගත කිරීම මඟින් රෝගීන්ගේ රෝගය උත්සන්න වීමට ප‍්‍රථම වෛද්‍ය ප‍්‍රථිකාර වෙත යොමුකරවීම surgery.lk වෙබ්අඩවියේ මූලික පරමාර්ථයයි.

රෝගියෙකු තම රෝගය සම්භන්ධව මනා අවබෝධයක් ලබාසිටීම, රෝගය නිසියාකාරව පාලනය කිරීමට මනා පිටුවහලක් වේ. විශේෂයෙන් කරනු ලබන පරීක්‍ෂණ හා ඒවායේ ස්වභාවය හා විවිධ ප‍්‍රථිකාර ක‍්‍රම මෙමඟින් පැහැදිලි කරදී ඇති නිසා රෝගියෙකුට මනා අවබෝධයකින් හා ආත්ම විශ්වාසයකින් රෝගයට මුහුණදිමේ හැකියාව වර්ධනය කිරීමක් මෙමඟින් සිදුවේ.

බොහොමයක් ඉංග්‍රිසි භාෂාව මැනවින් හැසිරවිය හැකි ශ්‍රිලාංකිකයින් පවා තම රෝගී තත්ව ගැන අන්තර්ජාලයේ තොරතුරු ලබාගැනීමට යාමේදී ව්‍යාකූල තත්වයන්ට බදුන් වූ අවස්ථා බොහොමයක් ඇත. ඊට හේතු වන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතුව අදාල පණිවිඩය දෙන වෙබ් අඩවි වලට අමතරව නොයෙකුත් පුද්ගලයින් මෙහෙය වන වෙබ් අඩවි නිසාවෙනි. සමහර ඒවායෙහි අන්තර්ගතයෙහි ඇති නිරවද්‍යතාවය ගැන සෑහීමකට පත්විය නොහැක. මෙම තත්ව අවබෝධ කරගෙන සාමාන්‍ය ශ්‍රිලාංකික ජනතාව වෙත නිවැරදි තොරතුරු ලබාදීම surgery.lk හි තවත් අභිලාෂයකි.

මෙම වෙබ් අඩවිය පවත්වා ගෙනයාම හා අධීක්‍ෂණය කරනු ලබන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය A.H.M.P අනුරුද්ධ විසින් වන අතර සෑම ලිපියක්ම පල කිරීමට ප‍්‍රථම එම රෝගය හා අදාල විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීමක් සිදුකරනු ලැබේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය A.H.M.P අනුරුද්ධ
MBBS, MD(Surgery), MRCS England
Email: dranuruddha@yahoo.com
W.M. ජනක බණ්ඩාර
BSc. (Computer System & Networking)
Email: janakaonlinester@gmail.com